Saturday, September 5, 2026
HomeNEWSනාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකී.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ ප්‍රධානත්වයෙන් මේ මස 12 වැනි දින අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීමට බව ඉතාම පැහැදිලිය.

ජාතික ජන බලවේගය (මාලිමාව) නායක අනුර කුමාර දිසානායක මහතාට රට වටා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ද තිබෙන බව පිළිගත යුතුය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම උදුරා ගැනීම නූතන ශිෂ්ඨ සම්පන්න සමාජය කිසිලෙසකින්වත් අනුමත නොකරයි. විශේෂයෙන්ම නූතන Gen – Z පරපුර මෙවැනි ක්‍රියා දෙස බලන්නේ දැඩි හිරිකිතියකිනි.

මාලිමා ආණ්ඩුවේ මෙවැනි ක්‍රියා මගින් දිනෙන් දින පිරිහෙන ජනතා සහාය හමුවේ රජය වඩාත් අසරණ වීමද පෙන්නුම් කරයි. අත්අඩංගුවට ගැනීම් තුළින් ජනතා නායකයින්ට තිබෙන ප්‍රසාදය නැති කළ නොහැකි බව රජයට දැඩිව අවධාරණය කර සිටිමු.

මාධ්‍ය අංශය

එක්සත් ජාතික පක්ෂය

2026 සැප්තැම්බර් 04

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img