Thursday, September 10, 2026
HomeNEWSකතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

රටේ සියලු ජන කොටස් අතර සහජීවනය, සාමය සහ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කරමින්, කිසිදු ආකාරයක ජාතිවාදී හෝ ආගමික වෛරී ක්‍රියාකාරකම්වලට ඉඩ නොතබා ජාතික සමගිය තහවුරු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ජනජීවිතයට බලපාන පරිසර හානි සහ විනාශයන් වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සියලු ජන කොටස් අතර විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා රජය ගෙන ඇති පියවර අගය කළ කතෝලික ආගමික නායකයෝ ඒ වෙනුවෙන් සිය පූර්ණ සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළහ.

කතෝලික ජනතාව ජීවත්වන ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ඔවුන් මුහුණ දී ඇති ගැටලු සහ එම ගැටලු විසඳා ගැනීමට ගත යුතු පියවර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

සිරිල් ගාමිණි පියතුමා, ජූලියන් පැට්‍රික් පියතුමා ඇතුළු පියතුමන්ලා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-08-21

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img