Friday, September 18, 2026
HomeNEWSමාලිමා ආණ්ඩුවට එරෙහිව සජබ- එජාප එකට පෙළ ගැසෙනවා- විපක්ෂ නායක සජිත්

මාලිමා ආණ්ඩුවට එරෙහිව සජබ- එජාප එකට පෙළ ගැසෙනවා- විපක්ෂ නායක සජිත්

ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන වත්මන් රජයට එරෙහිව සජබ යුඇන්පී එකට පෙළ ගැසනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මේ වන විට අප රට තීරණාත්මක හැරවුම් ලක්ෂයකට මුහුණ දී ඇති බවත් ඒකාධිපතිවාදය තනි පක්ෂයක් මුළු බලය ම අතට ගෙන ඒක පක්ෂ පාලනයක් ස්ථාපිත කිරීමට උත්සාහ දරන, ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ මිලේච්⁣ඡ ලෙස ඝාතනය කරන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කරන බවත් එවැනි තත්ත්වයක් උඩ ධනාත්මක ගුණාත්මක අනාගතයක් වෙනුවෙන් එකට එකතු වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ‘J.R ආණ්ඩුකරණය සහ මැදමාවත’ යන තේමාව යටතේ සමගි ජන බලවේගයට අනුබද්ධිත මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක දේශපාලන විද්‍යා පීඨයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පළමුවරට සංවිධානය කරනු ලබන විද්වත් කථිකාවත හා එක්වෙමිනි. මේ අවස්ථාව වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආචාර්ය මහාචාරුයවරුන් ඇතුළු විශාල පිරිසක් එක්විය.

මේ එකතුව සිදු වූයේ අප රට තුළ යම් යම් කාලවල ක්‍රියයාත්මක වූ දේශපාලන සූදු ක්‍රියාත්මක කරන්න නොවන බවත් තනතුරු හුවමාරුව, දේශපාලන වරදාන වරප්‍රසාද මත පදනම් වූ කුජීත වූ පහත් දේශපාලනයට නැවතීමේ ලකුණ තබමින් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙන බවත් එම එකතුව යම් කිසි ජනතාවාදී ප්‍රගතිශීලි ප්‍රතිපත්ති රාමුවක් තුළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය බලයට පත් කරන් ජනතාව අසරණ වෙලා

අද රට තුළ වත්මන් ඒකාධිපති වියරුවෙන් කටයුතු කරන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බලයට පත් කර ගෙන අන්ත අසරණ වූ ලක්ෂ 220 ජනතාව රටට විකල්පයක් හොයන බවත් එබැවින් මේ අවස්ථවේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මැද මාවත අනුගමනය කරන බවත් රටට ඇති එකම අනාගතය ගමන වන්නේ දකුණ හෝ වම නොව මැද මාවත බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අප අනුගමනය කරන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මැද මාවතයි

ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වය යටතේ රණසිංහ ප්‍රේමදාස මහතා ගම්උදාව, ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ, ගාමිණී දිසානායක මහතා මහවැලියත් රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පුරය ක්‍රියාත්මක කළ බවත් ජේ. ආර්. ජයවර්ධන මහතා ධනවාදය වෙළෙඳපොළ ආර්ථිකය මත යමින් මානුෂීය ධනවාදය අනුගමනය කළ බවත් අප අනුගමනය කරනනේ මේ මැද මාවත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරණයේ වමට සිග්නල් දමා මේ රජය දැන් දකුණ අනුගමනය කරනවා

කොමියුනිස්ට් රටවල් පවා ධනවාදයෙන් ධනය උත්පාදනය කරන බවත් මේ ධනවාදයේ බෙදීම් ඇති කර ඇති හැකි නැති බැරි කම් ඇති කරන නිසා මානුෂීය ධනවාදය අනුගමනය කරන බවත් මෙය සමාජ හිතවාදී සංකල්පයක් බවත් අද මේ වන විට එදා ජනාධිපතිවරණයේ වමට සිග්නල් දමා දකුණට ගොස් ඇත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවත් මොවුන් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා යන්නේ නම් ජන බලයෙන් ජන සවියෙන් පරාජයට පත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමාජ වාදය දැන් අසමත්

රටේ ඉදිරි ගමනට අවශ්‍ය මැදමාවත බවත් සමාජ වාදය ෆේල් වූ ආකාරය උතුරු කොරියාව කියුබාව දෙස බලා ඉගෙන ගත හැකි බවත් මේ ධනවාදයට මානුෂීය ධනවාදය එකතු කර සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළත් කළ යුතු බවත් මේ පොදු ගමන තුළින් කඩා වැටෙන ගරා වැටෙන දේශයට පණ පොවා ජන සවියෙන් ජන ශක්තියෙන් ජනතා සහභාගිත්වයෙන් දේශපාලන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කවුරු එපා කිව්වත් රටට සුබසාධන රාජ්‍යයක් අවශ්‍යයි

මෙරට තුළ සුබසාධන රාජ්‍යයක් ඇති බවත් එය නොදන්නේ තොරතුරු නොදන්නා අමනෝඥයන් බවත් එක්සත් රාජධානියේ පවා මේ සුබසාධන රාජ්‍යයක් ඇති බවත් රටට සුබසාධනය අවශ්‍ය බවත් සුදුස්සන්ට එය ලැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව වෙනුවෙන් අපි එකට එකතු වෙනවා

අද රටේ 30-40% දුප්පත් බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කඩා වැටි ඇති මොහොතක රට ගොඩනගන්න සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එක්වන බවත් නිවැරදි වැඩපිළිවෙළකට නිවැරදි ගමනක් කරා යා යුතු බවත් ලක්ෂ 220 ජනතාවගේ පොදු හතුරා වන වත්මන් රජයට විරුද්ධව පෙළ ගැසෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් අද විවෘතවේ.

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘතවේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ...

හෝමූස් හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ තෙල් නැවකට පහර දුන් බව ඉරානය කියයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ "ටෝගෝ "රාජ්‍යයේ ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවකට පහර දුන් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි:...

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. සැමරුම රනිල් තරුණ ප්‍රජාව සමග

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ...

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සම්මුතියකට

ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ සම්මුතිය වෙනුවෙන් රටේ ප්‍රධාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img