Thursday, October 29, 2026
HomeNEWSවිල්පත්තු මායිමේදී සිදු වූ කුඹුක් ගස් ගිනි ගැනීමට අදාළව විමර්ශන වාර්තාවක් කැඳවයි

විල්පත්තු මායිමේදී සිදු වූ කුඹුක් ගස් ගිනි ගැනීමට අදාළව විමර්ශන වාර්තාවක් කැඳවයි

විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිම් කලාපයට අයත් වනාතවිල්ලුව පරණ එළුවක්කුලම නෙළුම් වැව පරිශ්‍රයේ පිහිටි කුඹුක් ගස් ගිනි ගැනීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වහාම විමර්ශන වාර්තාවක් කැඳවීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව මේ සම්බන්ධව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාට මේ බව දන්වා ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.

අමාත්‍යාංශය සඳහන් කරනුයේ අතිශය සංවේදී පරිසර පද්ධතියක පිහිටි ජල මූලාශ්‍ර රැකදෙන මෙවැනි ස්වභාවික වෘක්ෂලතා විනාශ වීම සමස්ත පරිසර පද්ධතියටම එල්ලවන බරපතළ තර්ජනයක් වන බවය.

ඒ අනුව මෙම සිදුවීම කිසියම් පාර්ශ්වයක් විසින් හිතාමතා සිදුකරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ පරිසර සංහාරයක් බවට අනාවරණය වුවහොත් ඊට සම්බන්ධ සියලු වගකිවයුත්තන්ට එරෙහිව පවතින නීතිමය රාමුව යටතේ උපරිම දඬුවම් පැනවීමට කටයුතු කරන බවද අමාත්‍යාංශ සඳහන් කළේය.

එමෙන්ම වනජීවි හා වන සංරක්ෂණ ආඥාපනත් මෙන්ම ජාතික පාරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව මෙරට සංවේදී පරිසර කලාප හා ජල පෝෂක ප්‍රදේශ විනාශ කරන ඕනෑම ක්‍රියාවකට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යාංශය පැවසීය.

සිදුවිම සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය පරිපාලන හා ආරක්ෂක අංශ ඒකාබද්ධව සිද්ධිය වූ ස්ථානය ඒකාබද්ධ පරීක්ෂණයක්ද අද (18) එම ප්‍රදේශයේ සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img