Thursday, October 29, 2026
HomeNEWSවිදේශ විනිමය රෙගුලාසි හා නියමය සඳහා CoPF අනුමැතිය

විදේශ විනිමය රෙගුලාසි හා නියමය සඳහා CoPF අනුමැතිය

2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි මෙන්ම විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කළ නියාමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ කාරක සභාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, රේගුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම අනුමැතිය ලබා දී ඇත.

මෙම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූ කරුණු කිහිපය පහත පරිදි වේ.

ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන (2026 අංක 01 රෙගුලාසිය)

මෙරට නේවාසිකයන් සහ දේශීය සමාගම් විදේශයන්හි සිදුකරන ආයෝජන, ඒ සඳහා සුදුසුකම් ලබන ක්ෂේත්‍ර, ප්‍රාග්ධනය පිටරටට යැවීමේ සීමා සහ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් පිළිබඳව සලකා බලන ලදී.

විගමිකයන්ගේ වත්කම් ප්‍රේෂණය (2026 අංක 02 රෙගුලාසිය)

විගාමිකයන් ශ්‍රී ලංකාවේ පවතින වත්කම් සහ ප්‍රාග්ධනය පිටරටට මාරු කිරීමේ ක්‍රමවේද (Migrant Allowance) මෙන්ම කුලී ආදායම්, පොලී සහ ලාභාංශ වැනි වත්මන් ආදායම් විදේශයන් වෙත ප්‍රේෂණය කිරීමේ විධිවිධාන පැහැදිලි කෙරිණි.

විනිමය පිටතට ගලායාමේ සීමාවන් (පනතේ 22 වැනි වගන්තිය)

විදේශ විනිමය සංචිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පනවා ඇති තාවකාලික සීමාවන් පිළිබඳව මහ බැංකු නිලධාරීන් කරුණු දැක්වූ අතර, ආර්ථික තත්ත්වය යහපත් වීමත් සමඟ එම සීමාවන් ක්‍රමානුකූලව ලිහිල් කරන බව සඳහන් කළේය.

මේ අතර, ලැයිස්තුගත සමාගම් සඳහා විදේශ ආයෝජන සීමාව රෙගුලාසිවල අමෙරිකානු ඩොලර් මිලියන 2ක් ලෙස තිබියදී, නියෝගය මගින් එය ඩොලර් මිලියන 0.75 දක්වා අඩු කිරීම පිළිබඳව කාරක සභා සභාපතිවරයා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් මහ බැංකු නිලධාරීන් සඳහන් කළේ ඩොලර් මිලියන 0.75 සීමාව බලපැවැත්වෙන්නේ මාස 6ක කාලයකට පමණක් බවත්, 2027 වසරේදී එය ලිහිල් කිරීමට සලකා බලන බවත්ය. ලැයිස්තුගත නොවූ සමාගම් සඳහා මෙම සීමාව ඩොලර් මිලියන 0.2කි.

මෙම සීමාවන් ගෙනයන ආයෝජන සඳහා සමාගමේ ශේෂ පත්‍රය (Balance Sheet) පදනම් කරගනිමින් මහ බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත කටයුතු කළ හැකි බව නිලධාරීන් වැඩිදුරටත් පැහැදිලි කළ අතර, එහිදී වැඩි වාසියක් හිමිවන්නේ ඉහළ වත්කම් සහිත විශාල ව්‍යාපාරවලට බවට ද සාකච්ඡාවේදී අදහස් පළ විය.


එමෙන්ම විදේශ විනිමය අවිධිමත් ලෙස පිටතට යාම වැළැක්වීම සඳහා බැංකු සහ රේගු දත්ත අතර පරස්පරතා අවම කිරීමට පියවර ගෙන ඇති බවත්, ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරන බවත් මෙහිදී අනාවරණය විය.

කෙසේ වෙතත්, අධික ලෙස නීති රීති තද කිරීමෙන් සහ අනවශ්‍ය රෙගුලාසි පැනවීමෙන් දේශීය ව්‍යාපාරිකයන් අධෛර්යමත් විය හැකි බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. විදේශයන් වෙත විනිමය ගලායාම දැඩි ලෙස සීමා කිරීම මගින් රට තුළට පැමිණෙන විදේශ විනිමය ප්‍රමාණය ද අඩුවීමේ අවදානමක් පවතින බව සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img