Thursday, October 29, 2026
HomeNEWSඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිකිරීමට ජනපතිගේ අවධානය

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිකිරීමට ජනපතිගේ අවධානය

ඉදිකිරීම් ක්ෂේත්‍රය රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ සංවර්ධන ක්‍රියාවලියට සෘජුව දායක වන බැවින්, එහි පවතින බාධා හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙමින් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපති සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.

එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි ප්‍රවණතා පිළිබඳව මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා, ක්ෂේත්‍රය යළි ශක්තිමත් කරමින් එහි තිරසර වර්ධනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ශ්වකරුවන්ගේ අදහස් සහ යෝජනා ද විමසා බැලූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වත්මන් ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී සිටින ප්‍රධාන අභියෝග සහ ගැටලු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර, එම ගැටලු සඳහා කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම වෙනුවෙන් රජයට සිදු කළ හැකි මැදිහත්වීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img