Thursday, October 29, 2026
HomeNEWSලෝක ළමා දිනයට සියලු දූ දරුවන්ට අගමැතිනියගෙන් සුබපැතුම්

ලෝක ළමා දිනයට සියලු දූ දරුවන්ට අගමැතිනියගෙන් සුබපැතුම්

දරුවන්ගේ මනස සවිමත් කිරීම යනු රටේ අනාගතය ශක්තිමත් කිරීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

අද (01) යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් සියලු දූ දරුවන්ට උණුසුම් සුබ පැතුම් පිරිනමමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසයි.

“අපගේ දරුවන්ට වඩාත් සාවධානව සවන් දෙමු. ඔවුන්ගේ සිතුවිලි, හැඟීම් සහ අත්දැකීම් අගය කරමු. ඔවුන්ට අධ්‍යාපනය සහ අවස්ථා පමණක් නොව, වේගයෙන් වෙනස් වන ලෝකයකට මුහුණ දීමට අවශ්‍ය සුරක්ෂිතභාවය, අවබෝධය සහ ආත්මවිශ්වාසය ද ලබා දෙමු…” යනුවෙන් ඇය සිය පණිවුඩයෙන් අවධාරණය කරයි.

“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ මෙවර ළමා දිනය සැමරෙන අතර, ඩිජිටල් යුගයේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, සයිබර් හිංසනවලින් ඔවුන් ආරක්ෂා කිරීම සහ ශාරීරික දඬුවම් මෙන්ම ප්‍රචණ්ඩත්වයට එරෙහි නීති රාමුව ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛතාව වී ඇති බව ඇය පෙන්වා දෙයි.

මීට අමතරව, දරුවන් ආර්ථික සූරාකෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා ‘කාන්තාවන්, තරුණ පුද්ගලයන් සහ ළමුන් සේවයේ යෙදවීමේ පනත’ සංශෝධනය කර ළමා සේවය සම්බන්ධ වැරදි සඳහා පනවා තිබූ දඩ මුදල රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ නංවා ඇති බවද අග්‍රාමාත්‍‍යවරිය පෙන්වා දුන්නාය. දරුවන්ට බියෙන් හා සැකෙන් තොරව වැඩීමට හැකි සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම රජයේ පමණක් නොව දෙමාපියන්, ගුරුවරුන් සහ සමස්ත සමාජයේම වගකීමක් වන බැවින්, දරුවන්ට සවන් දී ඔවුන්ගේ හැඟීම් හා අත්දැකීම් අගය කරන ලෙස ඇය සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img