Thursday, October 29, 2026
HomeNEWSජවිපෙ ප්‍රධාන ලේකම් ඇතුළු නියෝජිත පිරිස ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ජවිපෙ ප්‍රධාන ලේකම් ඇතුළු නියෝජිත පිරිස ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ජවිපෙ ප්‍රධාන ලේකම් ඇතුළු නියෝජිත පිරිස ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු නියෝජිත පිරිස අද (01) පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත වූහ.

මෙහිදී පසුගිය පෙබරවාරි මාසයේ පැවති හමුවද සිහිපත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා යහපත් හා ශක්තිමත් අයුරින් වර්ධනය වෙමින් පැවතීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. විශේෂයෙන් තාක්ෂණික දියුණුව රටක සංවර්ධනයට බලපාන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර දේශපාලන පක්ෂ ලෙස පොදු ජනතාව සහ තරුණ ප්‍රජාව සමඟ සමීපව කටයුතු කරමින් අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමේ සහ ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු විය.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙන්ම දෙරටේ දේශපාලන පක්ෂ අතරද අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරිණි. විශේෂයෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ජනතාව සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හා ඒ සම්බන්ධයෙන් යොමු කරන අවධානය පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

තවද, ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ දෙරට මුහුණ දෙන අභියෝග සහ ඉදිරියේදී ගත හැකි පොදු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව තුළ ඉන්දීය ආයෝජන සඳහා පවතින අවස්ථා සහ දෙරට අතර සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද අවධානය යොමු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img