Saturday, October 24, 2026
HomeNEWSබුදුන්වහන්සේට අවමන් කරමින් වෛරය වැපිරවූ අයෙකුට වැඩවරදී

බුදුන්වහන්සේට අවමන් කරමින් වෛරය වැපිරවූ අයෙකුට වැඩවරදී

බුදුදහමට අපහාසාත්මක වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කර දිවයිනේ ප්‍රධාන පූජනීය ස්ථානයන් වෙත ප්‍රහාරයක් එල්ලකරන බවට ප්‍රචාරය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පසුගිය (01)දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළේය.

රංගිරි දඹුලු විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානියගම ආනන්ද හිමියන් විසින් පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉතිරිපත් කර තිබුණි.

ඒ බුදු රජාණන් වහන්සේට අපහාස කරමින් හා දළදා මාළිගාව, ජය ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය හා දඹුලු විහාරය ඇතුළු ප්‍රධාන ආගමික ස්ථාන කිහිපයක් වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ලකරන බවට වට්ස්ඇප් සමූහයක් තුළ ප්‍රචාරය කරන බවට පවසමින්ය.

ඒ අනුව පරිඝණක අපරාධ විමර්ශන අංශයේ අන්තර්ජාල අවේක්ෂණ හා බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී තිබුණේ, සැකකරු 21 හැවිරිදි ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

ඔහුව අත්අඩංගුවට ගෙන සිදුකළ සොයාබැලීමේහී ඔහුගේ ජංගම දුරකථනයේ තිබී බුදුන්වහන්සේගේ රුව විකෘතිකර සකසන ලද ඡායාරූප කිහිපයක්ද සොයාගෙන තිබේ.

එමෙන්ම සැකකරු ප්‍රධාන ආගමික ස්ථාන රැසකට ප්‍රහාර එල්ලකරන බවට පවසමින් වට්ස්ඇප් හරහා පණිවිඩ හුවමාරු කර තිබීම ජාතික ආරක්ෂාවට සෘජු තර්ජනයක් බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

ඔහු එය හුදෙක් විනෝදාස්වාදය සඳහා සිදුකළ බවට සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.

ඒ අනුව ඔහුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img