Friday, October 23, 2026
HomeNEWS2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදැක්වේ

2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදැක්වේ

2027 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ කාණ්ඩ සහ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ.

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන එළැඹෙන එක්දින ලෝක කුසලානය 2027 වසරේ ඔක්තෝබර් 2 වැනිදා සිට නොවැම්බර් 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

කණ්ඩායම් 14ක් සහභාගි වන තරගාවලියේ කණ්ඩායම් 7 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ මූලික වටයේ තරග පැවැත්වේ.

ශ්‍රී ලංකාව B කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර, එම කාණ්ඩයට බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය ඇතුළත් වේ.

එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාලියෙන් තේරීපත්වීමට නියමිතය.

A කාණ්ඩයට ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ ඇතුළත් වන අතර, අනෙක් ස්ථානය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ජය ගන්නා කණ්ඩායමට හිමි වේ.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 17 වැනිදා කේප් ටවුන්හිදීත්, දෙවැනි අවසන් පූර්ව තරගය නොවැම්බර් 18 වැනිදා ට්ෂ්වානේහිදීත් පැවැත්වීමට නියමිතය.

2027 ලෝක කුසලාන අවසන් මහා තරගය නොවැම්බර් 21 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හෝමුස්හි නෞකාවලට පහරදීමත් සමගම බොර තෙල් මිල යළිත් ඉහළට

හූති ප්‍රහාර, හෝමුස්හි නෞකාවලට පහරදුන් බව ඉරානය ප්‍රකාශ කිරීම ඇතුළු තත්ත්වයන් සමඟ, බ්‍රෙන්ට් බොර තෙල් මිල මැයි 5 වනදාට පසු ඉහළම අගය වන ඇ:ඩො:115...

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි. හිටපු ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු හෘද සැත්කම සාර්ථක බව පවුලේ ආරංචිමාර්ග සදහන් කර සිටියි.කොලඹ පිහිටි පෞද්ගලික...

නාමල් සහ චාමර නොවැම්බර් 6 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පා.ම. චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයා 11/06 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග.මීට අමතරවක්‍රිෂ් නඩුවට...

එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්

පාකිස්ථාන තුන්කොන් තරගාවලිය. ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්. (ශ්‍රී ලංකාවේ හොඳම සහ ලොව 02 වන වැඩිම එක්දින ලකුණු හඹා යාම) එංගලන්තය:429/4,ශ්‍රී ලංකාව:430/8 (49.5) එංගලන්තය සමඟ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img