Friday, October 23, 2026
HomeNEWSමහාචාර්ය ජී.එල්. පීරිස් නීති අධ්‍යාපන සහ පර්යේෂණ භාරය පිහිටුවයි

මහාචාර්ය ජී.එල්. පීරිස් නීති අධ්‍යාපන සහ පර්යේෂණ භාරය පිහිටුවයි

මහාචාර්ය ජී.එල්. පීරිස් නීති අධ්‍යාපන සහ පර්යේෂණ භාරය පිහිටුවීම

කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට් මන්දිරයේ පැවති උත්සවයේදී, ජ්‍යෙෂ්ඨ විද්වතුන්, නීති වෘත්තියේ ප්‍රධානීන් සහ සිවිල් සමාජයේ සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් ‘මහාචාර්ය ජී.එල්. පීරිස් නීති අධ්‍යාපන හා පර්යේෂණ භාරය’ (The Professor G.L. Peiris Trust for Legal Education and Research) නිල වශයෙන් පිහිටුවීම සිදුවිණ.

‘පෝල් රත්නායක සහය’ (Paul Ratnayeke Associates) ආයතනය විසින් සකස් කරන ලද භාර ප්‍රඥප්තියට (Trust Deed), භාරකරුවන් ලෙස කටයුතු කරන බේරුම්කරු (Settlor) ලෙස මහාචාර්ය පීරිස් මහතාද, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවා, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් සහ මහාචාර්ය පීරිස් මහතාගේ දියණිය වන වෛද්‍ය ආමන්ති බන්දුසේන යන මහත්ම මහත්මීහු අත්සන් තැබූහ.

මේ භාරයේ ආදායම වනුයේ ශ්‍රී ලංකාවේ නීති සහ නීති පද්ධති පිළිබඳව මහාචාර්ය පීරිස් මහතා රචිත ග්‍රන්ථ දහයක කර්තෘ භාග (Royalties) මුදල්ය. ඊට අමතරව, භාර අරමුදල ආරම්භ කිරීම සඳහා මහාචාර්ය පීරිස් මහතා විසින් තම පෞද්ගලික අරමුදලින් රුපියල් මිලියනයක මුදලක් උපකුලපති වෙත ප්‍රදානය කරන ලදී.

විශේෂිත කාලසීමාවන්හි පවතින අවශ්‍යතා සහ ප්‍රමුඛතා මත පදනම්ව, නීති පීඨයට සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වර්ෂයෙන් වර්ෂය සම්පත් වෙන් කිරීමට භාරකරුවන්ට ඔවුන්ගේ අභිමතය පරිදි බලය පවරනු ලැබ ඇත. අපේක්ෂිත ක්‍රියාකාරකම් අතරට නීතිමය මාතෘකා පිළිබඳ පර්යේෂණ, වත්මන් උනන්දුවට ලක්වන මාතෘකා ගැන සම්මන්ත්‍රණ, අමරණීය දේශන, මෝට් කෝට් (Moot Courts) හෙවත් අනුකරණ අධිකරණ සැසි, වාද විවාද තරඟ සහ ඒ හා සමාන වැඩසටහන් ඇතුළත්ය.

රටේ නීති විද්‍යාවට හිටපු උපකුලපතිවරයෙකු සහ නීති පීඨයේ පීඨාධිපතිවරයෙකු ලෙස මහාචාර්ය පීරිස් මහතා ඉටු කළ අනභිභවනීය සේවය ඇගයීම පිණිස අපරාධ නීතිය සඳහා වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා රන් පදක්කම පිහිටුවීමට නීති පීඨය ගත් තීරණය පීඨාධිපතිවරයා මෙහිදී නිවේදනය කළේය. මහාචාර්ය පීරිස් මහතාගේ මුත්තනුවන් වන ගේට් මුදලිදු එඩ්මන්ඩ් පීරිස් මහතා නීති ප්‍රථම විභාගයේදී (First Examination in Laws) දක්ෂතම දස්කම් දැක්වීම වෙනුවෙන් ත්‍යාගය පිරිනමා ඇති බවත්, මුණුපුරා (මහාචාර්ය පීරිස්) ද ඒ ත්‍යාගය දිනාගත් බවත් මහාචාර්ය පුංචිහේවා සිහිපත් කළේය.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතා අසීරු කාල පරිච්ඡේදය තුළ මහාචාර්ය පීරිස් මහතා විසින් ලබා දුන් ආදර්ශවත් නායකත්වය උපකුලපතිවරයා කෘතඥපූර්වකව සිහිපත් කළේය. මහාචාර්ය පීරිස් මහතාගේ උපකුලපති ධුර කාලය තුළ තමා විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට බඳවා ගත් බවද ඔහු පැවසීය.

නීති පීඨය සහ නීති විද්‍යාලය යන ආයතන දෙක අතර සහයෝගීතා සම්බන්ධතාවයක ඇති අවශ්‍යතාවය සහ මෑත කාලීනව එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා සඳහන් කළේය. විවිධ ක්ෂේත්‍රයන්හි පුරෝගාමී නීති සම්පාදය රැසක් මහාචාර්ය පීරිස් මහතා තමා දැරූ අමාත්‍ය ධුර කාලයන් තුළ පාර්ලිමේන්තුවට හඳුන්වාදීමද ආකාරයද ඔහු අගය කළේය.

උත්සවයේ විශේෂ දේශනය පැවැත්වූ හිටපු උපකුලපති සහ සම්මානිත මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මෙනවිය, විශ්වවිද්‍යාලයේ සංවර්ධනය වෙනුවෙන් තමා සහ මහාචාර්ය පීරිස් දිගු කාලයක් පුරා එක්ව සිදු කළ සේවය සහ ඔවුන් මුහුණ දුන් අභියෝග රැසක් පිළිබඳව කතා කළාය. දිවංගත ආචාර්ය නීලන් තිරුචෙල්වම් මහතාගේ අගනා දායකත්වයෙන් යුතුව සකස් වූ 2000 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඇතුළු ඵළදායී ක්‍රියාමාර්ග බොහෝමයක් කඩා වැටීමට හේතු වූ ප්‍රතිවිරෝධී දේශපාලන සංස්කෘතිය පිළිබඳව ඇය සිය කණගාටුව ප්‍රකාශ කරනු ලැබුවාය.

මහාචාර්ය පීරිස් මහතා සිය දේශනයේදී, රට පුරා සිටින සිසුන්ගේ බඳවා ගැනීම් කිහිප ගුණයකින් වැඩි කරන අතරම ඉහළම ශාස්ත්‍රීය ප්‍රමිතීන් පවත්වා ගැනීමට විශ්වවිද්‍යාලය නිරන්තරයෙන් ගත් උත්සාහය විස්තර කළේය. ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී, විශ්වවිද්‍යාල පුළුල් වීමේ ක්‍රියාවලියේදී දැඩි අවශ්‍යතාවක් වූ කාන්තා නේවාසිකාගාරයක් ඉදි කිරීම සඳහා සම්පත් රැස් කිරීමෙහිලා සාර්ථකත්වයක් අත්කරගත් සුජාතා ජයවර්ධන මහත්මිය වැනි පරිත්‍යාගශීලීන් විශේෂයෙන් සිහිපත් කරන ලදී. මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක, වෛද්‍ය රාධිකා කුමාරස්වාමි සහ රැල්ෆ් අල්ස් (Ralph Alles) වැනි සම්භාවනීය සාමාජිකයන් සමඟ එක්ව තරුණ කොමිෂන් සභාවේදී තමා ඉටු කළ සේවයද ඔහු සඳහන් කළේය.

ජනාධිපති නීතිඥවරුන් විශාල පිරිසක් (ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මහාචාර්ය පීරිස්ගේ ශිෂ්‍යයන්ය), පීඨයේ මහාචාර්යවරුන් සහ අනෙකුත් අධ්‍යයන කාර්ය මණ්ඩලය, නීති විද්‍යාලයේ නිලධාරීන් මෙන්ම ‘පෝල් රත්නායක ඇසෝසියේට්’ සහ කර්තෘගේ ග්‍රන්ථ ප්‍රකාශකයන් වන ‘ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට්ස්’ (Lake House Investments) නියෝජිතයෝ මේ අවස්ථාවට සහභාගී වූහ.

2026 ඔක්තෝබර් 04

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හෝමුස්හි නෞකාවලට පහරදීමත් සමගම බොර තෙල් මිල යළිත් ඉහළට

හූති ප්‍රහාර, හෝමුස්හි නෞකාවලට පහරදුන් බව ඉරානය ප්‍රකාශ කිරීම ඇතුළු තත්ත්වයන් සමඟ, බ්‍රෙන්ට් බොර තෙල් මිල මැයි 5 වනදාට පසු ඉහළම අගය වන ඇ:ඩො:115...

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි. හිටපු ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු හෘද සැත්කම සාර්ථක බව පවුලේ ආරංචිමාර්ග සදහන් කර සිටියි.කොලඹ පිහිටි පෞද්ගලික...

නාමල් සහ චාමර නොවැම්බර් 6 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පා.ම. චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයා 11/06 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග.මීට අමතරවක්‍රිෂ් නඩුවට...

එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්

පාකිස්ථාන තුන්කොන් තරගාවලිය. ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්. (ශ්‍රී ලංකාවේ හොඳම සහ ලොව 02 වන වැඩිම එක්දින ලකුණු හඹා යාම) එංගලන්තය:429/4,ශ්‍රී ලංකාව:430/8 (49.5) එංගලන්තය සමඟ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img