Monday, October 26, 2026
HomeNEWSඉරානය සමඟ ගනුදෙනු කරන විදේශීය මුල්‍ය ආයතනවලට අමෙරිකාවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානය සමඟ ගනුදෙනු කරන විදේශීය මුල්‍ය ආයතනවලට අමෙරිකාවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානය හෝ එරට සම්බාධකවලට ලක්ව ඇති මුල්‍ය ක්ෂේත්‍රය සමඟ සබඳතා පවත්වන විදේශීය මුල්‍ය ආයතනවලට එරෙහිව පූර්ව දැනුම්දීමකින් තොරව සම්බාධක පැනවීමට මෙන්ම සිවිල් සහ අපරාධමය දඬුවම් පැනවීමට කටයුතු කරන බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අමෙරිකානු විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයකට අනුව, අමෙරිකානු සම්බාධක උල්ලංඝනය වන අන්දමින් ඉරානය සමඟ මුල්‍ය ගනුදෙනු සිදුකරන ආයතනවලට ඕනෑම මොහොතක අමෙරිකානු ඩොලර් මුල්‍ය පද්ධතියට ඇති ප්‍රවේශය අත්හිටුවීමට පියවර ගනු ඇති බව සඳහන් වෙයි.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විදේශීය බැංකු සහ මුල්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නේ ඉරානය සමඟ පවතින සියලුම මුල්‍ය සබඳතා සහ ගනුදෙනු වහාම අත්හිටුවන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...

සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා- පූජ්‍ය උලපනේ සුමංගල හිමි

රජය සමඟ සාකච්ඡා කර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නිදහස ලබා ගැනීමට පියවර ගන්නා බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු ලිඛිතව දැනුම් දී ඇති බැවින්,පසුගිය දින 10ක...

ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව ඉරානය කියයි

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් දකුණු දිග වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් ආසන්නයේදී, ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළා ඇතැයි, ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

හූති බැලස්ටික් මිසයිලයක් සහ කෲස් මිසයිලයක් විනාශ කළ බව සෞදි අරාබිය පවසයි

රියාද් දෙසට පැමිණෙමින් තිබූ හූති බැලස්ටික් මිසයිලයක් සහ නිරිතදිග ඛාමිස් මුෂයිට් නගරයට එල්ල වූ කෲස් මිසයිලයක්, සිය ගුවන් පද්ධති මගින් විනාශ කළ බව, සෞදි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img