සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන “චේ දින” වැඩසටහන අද ( 08දා ) හොරණ මොරගහහේන, යහළකැලේ වත්තේ පිහිටි චේ උද්යානයේදී පැවැත්විය.
එම අවස්ථාවට තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ සහෝදරයා, කියුබානු තානාපතිනි ආචාර්ය පැට්රීසියා පෙගො ගුවේරා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක , නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර සහෝදරයා, තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක සහෝදරයා, පාර්ලිමේන්තු මන්ත්රී ලසිත භාෂණ සහෝදරයා, පාර්ලිමේන්තු මන්ත්රිනි ඔෂානි උමංගා සහෝදරිය ඇතුළු සමාජවාදී තරුණ සංගමයේ ජාත්යන්තර කටයුතු ලේකම් ඇතුළු තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
“නව සමාජ පරිවර්තනයකට ආදර්ශය චේ” යන තේමාවෙන් මෙවර වැඩසටහන පැවැත්විය. සමාජවාදී තරුණ සංගමය විසින් සෑම වසරකම චේ දිනය වෙනුවෙන් මෙම වැඩසටහන පවත්වනු ලබයි.
මෙහි දී අදහස් දැක් වූ තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ සහෝදරයා පැවසුවේ,කඩා වැටුණු රාජ්යයක් සමාජවාදය තුළ ගොඩනැගීම පිළිබඳ හොඳම ආදර්ශය සපයන්නෙ කියුබාව බවයි.
කියුබාව තුළ ආර්ථික අර්බුදයක් පැවතිය ද කියුබන් ජනතාව ධෛර්යසම්පන්නව රට වෙනුවෙන් සේවය කරන බවත්, ලංකාවේ ජනගහනයෙන් අඩක් සහ ලංකාවේ තරම් ස්ථාවර ආර්ථිකයක් නොමැති කියුබාව ක්රීඩාව තුළින් දක්වන දක්ෂතාවය ඊට එක් උදාහරණයක් බවත් සුනිල් කුමාර ගමගේ සහෝදරයා ප්රකාශ කළේය.
සමාජ ආදර්ශයක් ලබාදෙන, පරිවර්තනයක් වෙනුවෙන් මුල පුරන කතිරයක් ගැසූ ලංකාවේ ජනතාවත්, චේගේ ආදර්ශය සමග ඉදිරියට යන තරුණ පරම්පරාවක් හිමි වී ඇති බව ද සුනිල් සහෝදරයා සඳහන් කළේය.
ශ්රී ලංකාවට මෙන්ම ලෝකයේ තාරුණ්යයට ආදර්ශමත් නායකයෙක් වූ චේ ගුවේරා සැමරීම වෙනුවෙන් මෙවැනි අවස්ථාවක් ලබාදීම පිළිබඳව සතුටට පත් වන බවත්, කියුබාව වෙනුවෙන් ශ්රී ලංකාව සහ සමාජවාදී තරුණ සංගමය විසින් ඉටු කරන සියල්ලට ස්තුතිය පුද කරන බවත් කියුබානු තානාපතිනි ආචාර්ය පැට්රීසියා පෙගො ගුවේරා මහත්මිය සඳහන් කළාය.
දැඩි ආර්ථික සම්බාධක හමුවේ දරුණු කඩාවැටීමකට ලක්ව සිටින කියුබාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින ශ්රී ලංකාවට තම ගෞරවය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව ද තානාපතිවරිය පැවසුවාය.
සහෝදරත්වය, විනය, සාමූහිකත්වයට චේගුවේරා සහෝදරයා ලෝකයටම උදාහරණයක් බව ද ඇය ප්රකාශ කළාය.
2008 වසරේ සිට සමාජවාදී තරුණ සංගමය චේ දින වැඩසටහන සංවිධානය කරන බවත්, නව සමාජ පරිවර්තනය වෙනුවෙන් චේ මෙරට තරුණ්යයට ආදර්ශයක් බවත් සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර සහෝදරයා පැවසුවේය.
තනතුරු සහ වගකීම් පිළිබඳව චේගේ කියවීම අදටත් කියවාගත යුතු බවත්, චේ කිසිදාක තමන්ගේ පුද්ගලික සුඛ විහරණය වෙනුවෙන් භාවිත නොකළ බවත් එරංග ගුණසේකර සහෝදරයා සඳහන් කළේය.
චේගෙන් ලබාගත් ආදර්ශය හේතුවෙන් වර්තමානයේ ශ්රී ලංකාව ගොඩනැගීමේ කාර්ය පහසු වී ඇති බව ද එරංග සහෝදරයා ප්රකාශ කළේය. ආණ්ඩුකරණයේ දී ස්වේච්ඡා ශ්රම දායකත්වය ලබාගැනීම පිළිබඳව ද චේ සහෝදරයා ආදර්ශ සපයා ඇති බවත්, වර්තමානයේ දී ශ්රී ලංකාව තුළ ද විශාල ස්වේච්ඡා ශ්රම දායකත්වයක් සමග අභියෝගවලට මුහුණ දෙමින් රට ගොඩනගමින් සිටින බවත් එරංග සහෝදරයා සඳහන් කළේය.
අපගේ මාධ්ය කටයුතු වෙනුවෙන් ඔබ දක්වන සහයෝගයට ස්තුතියි. මෙම අවස්ථාවට අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ සමග යොමු කර ඇත.
මාධ්ය අංශය
සමාජවාදී තරුණ සංගමය

























