Sunday, October 25, 2026
HomeNEWSලක්ෂ 20ක් ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලට හිරවෙලා- විපක්ෂ නායක සජිත්

ලක්ෂ 20ක් ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලට හිරවෙලා- විපක්ෂ නායක සජිත්

ලක්ෂ 20ක් ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලට හිරවෙලා. දැන්වත් මොවුන් මුදවා ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීමේ වැඩසටහනේ නිර්මාතෘවරයා ලෙස බංග්ලාදේශයේ මොහොමඩ් යූනුස් මහතා ආරම්භ කළ ග්‍රාමීන් බැංකු සංකල්පය නිසා එතුමාට නොබෙල් සාම ත්‍යාගයත් පිරිනැමුණු බවත් දුප්පත්කම තුරන් කිරීම සදහා ලිහිල් ඇප සහිත ප්‍රග්ධන මුදලකට ප්‍රවේශය යටතේ දරාගත හැකි පිරිවැයකට අඩු පොළියකට සහන පොළියකට ණය ලබා දී දුගී දුප්පත්කම තුරන් කිරිම සිදු වුවත් පසුකාලීනව මෙය ව්‍යාපාරික ආකෘතියක් බවට පත්ව මේ ආකෘතිය තුළින් ගිණි පොළී ණය ඉලක්කගත අවදානම් සහිත අභියෝග රැසකට මුහුණ දුන් ජනතාව ඉලක්ක කර ණය මර උගුලක් ක්‍රියාත්මක වන බවත් 2023 දත්ත අනුව විසි ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දුප්පත්කම තුරන් කිරීමේ මේ වැඩපිළිවෙළ ව්‍යාපාරයක් බවට දැන් පත්වෙලා

එදා ජන සවිය ක්‍රියාත්මක වන විටත් සහන පොලි ණය වැඩසටහන් ක්‍රියාත්මක වූ බවත් මෙහි අරමුණු වූයේ දුප්පත්කම තුරන් කිරීම සඳහා අඩු පිරිවැයක් යටතේ ප්‍රග්ධනයට ප්‍රවේශය වුවත් මෙය ආයතනික ව්‍යාපාරික වැඩසටහනක් බවට පත්ව ඇති බවත් දැන් ණය මෝරුන් විසින් ජන සමාජයේ කාන්තාව ඉලක්ක කර ගෙන මේ කටයුතු සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව ප්‍රායෝගික සහනයක් රජයෙන් අපේක්ෂා කරනවා

වත්මන් රජය නව අණපනත් පනවා මේවා නියමනය කළත් මේ ණය මෝරුන්ගේ වින්දිතයන් බවට පත්වූ බහුතර කාන්තාවන් ප්‍රායෝගික සහනයක් අපේක්ෂා කරන බවත් මේ සඳහා හිටපු මුදල් ඇමති දිවංගත මංගල සමරවීර මහතා සක්‍රීයව කටයුතු කළ බවත් මහාභාණ්ඩාගාරයේ මුදල් උපයෝගී කර ගෙන ණය කපාහැරීමට සිදු කළ බවත් කෙතරම් අණපනත් තිබුණත් එය ණය වින්දිතයන්ට දැනෙන ආකාරයේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාස 6ට රත්රං උගස් කර රු. බි. 211ක් ජනතාව ලබා ගෙන

තම රත්රං කණකර උගස් කර 2026 පළමු මාස 6ට රු. බි. 211ක ණය ලබා ගෙන ඇති බවත් මේ වන විට නොපියවූ ණය අමතරව ට්‍රිලියන 1.1ක් ඇති බවත් ග්‍රාමීන් බැංකු සංකල්පය අප රටේත් තවත් රටවලත් ණය මොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති නිසා මේවා පාලනය කළ යුතු බවත් එදා මංගල සමරවීර මහතා කළ දේ සිදු කර වර්තමානයේ දී සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති බැලස්ටික් මිසයිලයක් සහ කෲස් මිසයිලයක් විනාශ කළ බව සෞදි අරාබිය පවසයි

රියාද් දෙසට පැමිණෙමින් තිබූ හූති බැලස්ටික් මිසයිලයක් සහ නිරිතදිග ඛාමිස් මුෂයිට් නගරයට එල්ල වූ කෲස් මිසයිලයක්, සිය ගුවන් පද්ධති මගින් විනාශ කළ බව, සෞදි...

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි.. ශ්‍රී ලංකාවටත් බලපෑම්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය මෑත කාලීනව කලාපයට බලපාන චණ්ඩ සුළි කුණාටුවක්ව (අර්නාබ්) බාපට්ලා සහ විශාකාපට්නම් අතර ප්‍රදේශයෙන් (10/28) ගමන් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.එහි...

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img