Thursday, October 29, 2026
HomeNEWSඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා මහා සංඝරත්නය තවමත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට

ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා මහා සංඝරත්නය තවමත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනට’ එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද (16) උදෑසන වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිති.

ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි මහා සංඝරත්නය ඇතුළු පිරිස අවධාරණය කළේ, ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සම්බන්ධයෙන් රජය නිශ්චිත පිළිතුරක් ලබාදිය යුතු බවය.

ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා දැන්වූයේ, ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි බවය.

පසුව මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාද පැමිණි අතර, ඒ මහතාද රැස්ව සිටි හිමිවරු සමග සාකච්ඡාවක නිතර විය.

එහිදී ඒ මහතා පවසා සිටියේ, අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කළ බවය.

ඒ අනුව ආණ්ඩුව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අදාළ නීතිමය ක්‍රියාවලිය යටතේ කටයුතු කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පලකළ බව දැන්වීය.

කෙසේ නමුත් එම අවස්ථාවේදී රැස්ව සිටි හිමිවරුන් අදාළ ක්‍රියාවලිය සඳහා කොතරම් කාලයක් ගතවනවාදැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීගෙන් ප්‍රශ්න කළේය.

ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් පැවසිය නොහැකි බව මහතා පැවසීම හේතුවෙන් රැස්ව සිටි හිමිවරු ඇතුළු පිරිස සිය අරමුණ ඉටුවන තෙක ජනාධිපති කාර්යාලය අසල තවදුරත් රැඳී සිටීමට තීරණය කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

Mbappé නිසා Real Madrid පාපන්දු සංගමය චීන ජනතාවගෙන් සමාව අයදී

චීන ජනතාවගෙන් සමාව අයැද Real Madrid පාපන්දු සංගමයෙන් චීන මාධ්‍ය සමූහයට ලිපියක් Real Madrid පාපන්දු සංගමයේ ක්‍රීඩක Kylian Mbappéගේ නොසැලකිලිමත් ප්‍රකාශ සම්බන්ධයෙන් එම පාපන්දු සංගමය...

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත්

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස අපි සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුමන අවස්ථාවකදීවත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති පාවා නොදෙන බවත්...

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img