Sunday, October 25, 2026
HomeNEWSනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා

-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය මාලාව, 2027 වසරේදී දෙවන සහ හයවන වසර සඳහා ද හඳුන්වා දීමට කටයුතු කරන බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් සිසුන්ට දැනුම ලබාදීමට අමතරව ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කරමින් යහපත් හර පද්ධතියකින් යුතු පුරවැසියකු බිහි කිරීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

පොළොන්නරුව, ඇතුමල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ අලුතින් ඉදි කරන ලද දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයට ඔක්තෝබර් 24 දින සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් කළාය.

විෂය මාලාව වෙනස් කිරීමට අමතරව ඊට අවශ්‍ය යටිතල පහසුකම් සහ මානව සම්පත් වසරින් වසර වැඩිදියුණු කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් සංවර්ධනය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් එම ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට මහජන නියෝජිතයන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කළාය.

අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බඳවා ගැනීම වසර ගණනාවකින් ක්‍රමවත්ව සිදු වී නොමැති බැවින්, නියමිත ක්‍රමවේදයන්ට අනුකූලව ගුරුවරුන් 23,006 ක් බඳවා ගැනීම සඳහා වන තරඟ විභාග පවත්වා අවසන් කර ඇති බවත්, ඊට අදාළ සම්මුඛ සහ ප්‍රායෝගික පරීක්ෂණ ලබන නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

ගුරුවරයා කේන්ද්‍ර කරගනිමින් දැනුම පමණක් ලබාදෙන අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව ප්‍රකාශ කළ ඇය, වත්මන් සිසුන් ලබාගන්නා දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීමේ මෙන්ම සමාජීය හා ආර්ථික ගැටලුවලදී මැදිහත් වීමේ අඩුවක් පවතින බැවින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක වැදගත්කම පෙන්වා දුන්නාය. එසේම නව ප්‍රතිසංස්කරණ හමුවේ ගුරුවරයාගේ භූමිකාව අතිශය වැදගත් වන බැවින්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ වෘත්තීය භාවය සුරැකීමට සහ වැඩිදියුණු කිරීමට අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අවශ්‍ය නෛතික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ද සඳහන් කළාය.

2017 වසරේදී ආරම්භ කර ආර්ථික අර්බුදය හමුවේ අතරමග නතර වී තිබූ මෙම ගොඩනැගිල්ලේ ඉදි කිරීම්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු නැවත ආරම්භ කර අවසන් කිරීමට හැකි වූ බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය, අතරමග නතර වූ මෙවැනි ඉදි කිරීම් සිසුන්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් වන බැවින් ඒවා සමාලෝචනය කර කඩිනමින් නිමා කිරීමට රජය මුල් තැන දී කටයුතු කළ බව ප්‍රකාශ කළාය.

ජනතාවට දුන් පොරොන්දුව පරිදි මානව සම්පත දියුණු කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ආයෝජනයක් කිරීමට රජය බැඳී සිටින අතර, විෂය මාලා වෙනස් කිරීම, යටිතල පහසුකම් හා පරිපාලන පහසුකම් දියුණු කිරීම මෙන්ම ගුරු-විදුහල්පතිවරුන්ගේ වෘත්තීය භාවය නැංවීමට අවශ්‍ය සියලු පහසුකම් සපයමින් සිටින බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙම අවස්ථාව සඳහා නිවාස, ඉදි කිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, පොළොන්නරුව නගරාධිපති ලලිත් තිස්ස කුමාර, ප්‍රාදේශීය සභාවේ සභාපති වසන්ත කුමාර, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ සිසු දැරියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා- පූජ්‍ය උලපනේ සුමංගල හිමි

රජය සමඟ සාකච්ඡා කර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නිදහස ලබා ගැනීමට පියවර ගන්නා බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු ලිඛිතව දැනුම් දී ඇති බැවින්,පසුගිය දින 10ක...

ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව ඉරානය කියයි

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් දකුණු දිග වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් ආසන්නයේදී, ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළා ඇතැයි, ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

හූති බැලස්ටික් මිසයිලයක් සහ කෲස් මිසයිලයක් විනාශ කළ බව සෞදි අරාබිය පවසයි

රියාද් දෙසට පැමිණෙමින් තිබූ හූති බැලස්ටික් මිසයිලයක් සහ නිරිතදිග ඛාමිස් මුෂයිට් නගරයට එල්ල වූ කෲස් මිසයිලයක්, සිය ගුවන් පද්ධති මගින් විනාශ කළ බව, සෞදි...

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි.. ශ්‍රී ලංකාවටත් බලපෑම්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය මෑත කාලීනව කලාපයට බලපාන චණ්ඩ සුළි කුණාටුවක්ව (අර්නාබ්) බාපට්ලා සහ විශාකාපට්නම් අතර ප්‍රදේශයෙන් (10/28) ගමන් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.එහි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img