Wednesday, October 28, 2026
HomeNEWSකියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ යුතු බව චීනය පවසනවා. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව කියා සිටියේ ඊයේ (27) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පැවති ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡාවේදී.

තම රටේ තත්ත්වයන්ට අනුකූලව සමාජීය පද්ධතිය හා සංවර්ධන මාර්ගය ස්වාධීනව තෝරා ගැනීමේ අයිතිය ඒ ඒ රටවලට හිමි වන බව Fu Cong මහතා එහිදී ප්‍රකාශ කළා. කියුබාවට එරෙහිව කිසිදු රටකට බලහත්කාරයෙන් සම්බාධක පැනවීමේ අයිතියක් නොමැති බවත් චීන පාර්ශ්වය පවසනවා. යුද තර්ජන එල්ල කිරීමෙන් හා අධිකරණ පියවර අයුතු ලෙස භාවිත කිරීමෙන් කියුබාවට එරෙහිව බලපෑම් එල්ල කිරීමට කිසිදු රටකට අයිතියක් නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියා.

ඇතැම් රටවල් නිවැරදි මාවතට යොමු කිරීම සඳහා ජගත් ප්‍රජාව එක්ව කටයුතු කරන ලෙස ද Fu Cong මහතා එහිදී ඉල්ලා සිටියා. කියුබාවට පනවා ඇති විවිධ සම්බාධක හා ඊට අදාළ පියවර වහාම ඉවත් කළ යුතු බවත්, ත්‍රස්තවාදීන්ට අනුබල දෙන රටවල නම් ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතිය හා ජාත්‍යන්තර නීතිය මත පදනම්ව, ජාත්‍යන්තර පටිපාටිය එක්ව සුරක්ෂිත කිරීම සඳහා සෑම රටක්ම එක්ව කටයුතු කළ යුතු බව ද එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිතවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රට හරි පාරේ ගෙනියන්න දැනුම, ඥානය මඟපෙන්වීම දෙන්නේ අපි-ජාතික විද්වත් සංවිධානය

ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුව – 2026.10.28 රට හරි පාරේ ගෙනියන්න දැනුම, ඥානය මඟපෙන්වීම දෙන්නේ අපි...ජාතික ජන බලවේගයේ විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටෙයි.. දහ දෙනකු මරුට

ස්පාඤ්ඤයේ, ටොලෙඩෝ ප්‍රාන්තයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබයි.අනතුරත් සමඟ මැඩ්රිඩ් හා ඇන්ඩලුසියා අතර දුම්රිය ධාවනය...

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතාම උණුසුම්.. පාලක පක්ෂය හා විපක්ෂය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක්

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය සහ විපක්ෂ සන්ධානය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක් පවතින බවට පුරෝකථනයක්: විදෙස් මාධ්‍ය

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img