Wednesday, October 28, 2026
HomeNEWSහිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ මා සම්බන්ධ නඩුව පිළිබඳව ඇතැම් මාධ්‍ය ආයතන විසින් පළකර ඇති වාර්තාවල කරුණු සාවද්‍ය ලෙස ඉදිරිපත් කර ඇති බව නිරීක්ෂණය කරමි.

අදාළ නඩුවේදී මා වෙත ගොනු කර ඇත්තේ මෝටර් රථ ආඥාපනත යටතේ වන චෝදනාවන් 3ක් පමණි.අදාළ මෝටර් රථය මෙරටට ආනයනය කිරීම, එහි හිමිකාරිත්වය හෝ ආනයන බදු නොගෙවීම සම්බන්ධයෙන් මා හට කිසිදු චෝදනාවක් ගොනු කර නොමැති බව අවධාරණය කරමි.

එමෙන්ම අදාළ මෝටර් රථයේ හිමිකරු මා නොවන බවද පැහැදිලිව ප්‍රකාශ කර සිටිමි.

එවැනි පසුබිමක මා විසින් වාහන ආනයන බදු වංචාවක් සිදුකළ බවට හෝ එවැනි චෝදනාවකට වරද පිළිගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය හා නොමඟ යවනසුලු බව සඳහන් කරමි.තවද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මෝටර් රථ ආඥා පනතින් එම මෝටර් රථය සන්තකයේ තබා ගත් පුද්ගලයාට නඩුවක්ද පවරා ඇත.

මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වන නීතිමය චෝදනාවකට වරද පිලිගැනීම වාහන ආනයන බදු වංචාවකට වරද පිළිගැනීම යනු සම්පූර්ණයෙන්ම වෙනස් කරුණු දෙකකි.

එබැවින් මා විසින් වරද පිළිගත් චෝදනාවේ සැබෑ ස්වභාවය විකෘති කරමින්, මා වෙත ගොනු කර නොමැති බදු වංචා චෝදනාවකට වරද පිළිගත් බවට ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීම අසාධාරණය.

මෙම කරුණු සැලකිල්ලට ගෙන අදාළ මාධ්‍ය වාර්තා නිවැරදි කරන ලෙසත්, නඩුවේ සැබෑ නීතිමය තත්ත්වය නිවැරදිව මහජනතාව වෙත ඉදිරිපත් කරන ලෙසත් සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිමි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු
හිටපු අමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක් ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ යුතු බව චීනය පවසනවා. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය...

රට හරි පාරේ ගෙනියන්න දැනුම, ඥානය මඟපෙන්වීම දෙන්නේ අපි-ජාතික විද්වත් සංවිධානය

ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුව – 2026.10.28 රට හරි පාරේ ගෙනියන්න දැනුම, ඥානය මඟපෙන්වීම දෙන්නේ අපි...ජාතික ජන බලවේගයේ විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටෙයි.. දහ දෙනකු මරුට

ස්පාඤ්ඤයේ, ටොලෙඩෝ ප්‍රාන්තයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබයි.අනතුරත් සමඟ මැඩ්රිඩ් හා ඇන්ඩලුසියා අතර දුම්රිය ධාවනය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img