Wednesday, October 28, 2026
HomeNEWSකෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී. කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවක මහත්ම මහත්මීන් 690 ක දෙනෙකු ද, 160 දෙනෙකු සඳහා ද්වියිතික මට්ටමේ තනතුරු සඳහා ද මෙහිදී පත්වීම් ලබාදීම සිදු කෙරිණ.

තාක්ෂණික නිළධාරීන්, ගොවිපල ලිපිකරු, බීජ කාර්මික, නේවාසිකාගාර පාලක පාලිකාවන් වැනි තනතුරු මෙහි ඇතුළත් විය. මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා සහ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සහභාගී විය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වසර 15ක 20ක පමණ කාලයක් සේවය ස්ථීර ක‍ර ගත නොහැකිව සිටි සේවක මහත්ම මහත්මීන්ගේ සේවය ස්ථීර කරමින් රටේ ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නඟා සිටුවීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව මනා කැපවීමෙන් උනන්දුවෙන් කටයුතු කරන බව මනාව පෙන්නුම් කරන එක් වැඩසටහනක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.

මෙම අවස්ථාවට සම්බන්ධ වූ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙසේ අදහස් ඉදිරිපත් කළේය.

“තමන්ගේ පත්වීම ස්ථීර නැති නිසා ඔබ විශාල මානසික පීඩනයක ඉන්න ඇති. ඒ වගේ පරිසරයක් යටතේ තමයි අද දවසේ ඔබට ස්ථීර පත්වීම් ලබාදෙන්නේ. දැන් ඔබට පූර්ණ රාජ්‍ය සේවකයෙක් විදිහට සියලු අයිතිවාසිකම් හිමිවෙනවා. ඒක විශාල අභිමානයක්.

ලෝකයේ ලොකුම ගින්න බඩගින්න. ඒ ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන්නේ ආහාර නිෂ්පාදකයෝ. ඒ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්නේ ගොවිජනතාව. ඒක ගොවිජනතාවට තනියම කරන්න බැහැ. ඒ සඳහා මඟ පෙන්වන්නේ ඔබ. ඒ නිසා අද සිට ඔබට විශාල කාර්යභාරයක් පැවරිලා තියෙනවා. ඒ රාජකාරිය ඉතාම කැපවීමෙන් සිදු කරයි කියලා අපි අපේක්ෂා කරනවා.”

මෙම අවස්ථාව සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමආරච්චි මහතා ඇතුලු අමාත්‍යාංශ දෙපාර්තමේන්තු නිළධාරීන් රැසක් සහබාගී විය.

මාධ්‍ය ඒකකය‍
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක් ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ යුතු බව චීනය පවසනවා. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img