ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ප්රශ්න කරයි
පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා හෝමාගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවේ පොලිස් අත්අඩංගුවේ දී ඔහුගේ ජිවිතය අහිමි වූ බවත් ඔක්තෝබර් 25 වැනිදා ඔහුගේ ඥාතීන් ඔහු ගැන සොයා බලන්න පොලිසියට ගිය අවස්ථාවේ ඔහුට හිරිහැර තුවාල සිදුව ඇති ආකාරය නිරීක්ෂණය කර ඇති බවත් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13 (4) වගන්තිය අනුව පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති මොහොතක ජීවිතාරක්ෂාව, රැකවරණය, සෞඛ්ය සම්පන්නභාවය සුරක්ෂිත කරන්න පොලිසිය කටයුතු කළ යුතු වුවත් ඉෂාර හර්ෂණ මහතාගේ ජිවිතය අත්අඩංගුවේ සිටියදී අහිමි වීම බරපතළ ඛේචවාචකයක් සේම බරපතළ සිදුවීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද විශේෂ ප්රකාශයක් සිදු කරමින් පැවසීය.
ඉෂාර හර්ෂණගේ මරණය ගැන ස්වාධීන විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් අවශ්යයි
මේ සිදුවීම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් ස්වාධීන පරීක්ෂණයක් අවශ්ය බවත් ඉෂාර හර්ෂණගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම පොලිසියේ වගකීමක් වුවත් එය සිදු නොවීමම ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ලැබූ රැකවරණය හා ආරක්ෂාව අහිමි වීමක් බවත් මෙය උත්තරීතර නීතිය උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය අණපනත් හරහා සිවිල් ජනතාවගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය කරන්න උත්සාහ කරනවා
රජය තවත් අණපනත් දෙකක් හරහා සිවිල් පුරවැසියන්ගේ මානව හා මූලික අයිතිවාසිකම් පළුදු කරන්න සීමා කරන්න උත්සාහ කරන බවත් සංවිධාන අපරාධ සම්බන්ධ පනත සේම රාජ්යයට ත්රස්තවාදයෙන් එල්ල විය හැකි ප්රහාර මර්දනය කිරීමේ පනත ආදී පනත් දෙක තුළ විවිධ ප්රතිපාදන තුළින් යුක්තිය පසිදලීමට, නීතියේ ආධිපත්යයට බරපතළ තර්ජන රැසක් එල්ල කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීම රජයක වගකීමයි
ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කරන්නට සෑම ආණ්ඩුවක්ම බැදී ඇති බවත් වත්මන් රජය ද මෙරට ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කර ප්රවර්ධනය කළ යුතු බවත් ප්රජාතන්ත්රවාදය සීමා කිරීම හෝ ප්රජාතන්ත්රවාදයට අත තියන්න රජයට වරමක් නොමැති බවත් මෙවැනි තත්ත්වයක් තුළ සංවිධානගත අපරාධ පනත හා රාජ්යයට ත්රස්තවාදයෙන් එල්ල විය හැකි ප්රහාර වැළැක්වීමේ පනත තුළින් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය මානව අයිතිය දේශපාලන නිදහස කතා කිරීමේ නිදහස ආදිය භාෂණයේ නිදහස හා සාමකාමීව රැස්වීමේ නිදහස පවා අහිමි ව අප රට තනි පක්ෂ පාලනයක් කරා ගෙන යාමක් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
රට පොලිස් රාජ්යයක් කරා ගෙන යන්න රජය දරන උත්සාහය පරාජය කළ යුතුයි
ඉෂාර හර්ෂණ මහතාගේ සිදුවීමත් සමග මේ අණපනත් දෙක සම්මත වුවහොත් රටේ ප්රජාතන්ත්රවාදී රාජ්යයක් නිර්මාණය කිරීම සේම ඒකාධිපතීත්වය අත්තනෝමතික රාජ්ය පාලනය තනි පක්ෂ පාලනය ආඥාදායකත්වය ආදී සංකල්ප තුළ මූලික මිනිස් අයිතිවාසිකම් සීමා වන බවත් එක් පැත්තකින් ඉෂාරට යුක්තිය සාධාරණත්වය ඉටු විය යුතු සේම මේ රට පොලිස් රාජ්යයක් කරා ගෙන යන්න රජය දරන උත්සාහය පරාජය කළ යුතු බවත් රටේ හා ජනතාවගේ ආරක්ෂාව පෙරටු කර ගෙන රජය ගෙන එන මේ පනත් තුළින් ජනතාවගේ මුලික හා සිවිල් අයිතිය මානව අයිතිය උල්ලංඝනය නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ඒකාධිපති ආඥාදායක පාලනයක් රටේ ස්ථාපිත කරන්න ඉඩ දෙන්න බැහැ
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ජාත්යන්තර සම්මතයන්ට අනුකූල වූ පනත් නිර්මාණය විය යුතු බවත් සංවිධානාත්මක කල්ලි මුලින් උපුටා දාන්න ප්රශස්ත නෛතික ක්රියාමාර්ග ක්රියාත්මක විය යුත්තේ ජාත්යන්තර සම්මුතීන්ට අනුකූලව බවත් රජය ගෙන ඒමට උත්සාහ කරන මේ පනත් තුළින් ඉටු කරන්නේ ඒකාධිපතීත්වය රජ කරවීම බවත් මේ ප්රයත්නය පරාජය කළ යුතු බවත් ජන සවියෙන් ජනතා ශක්තියෙන් පරජයට පත් කිරීමට උදෙසා ලබා දිය යුතු ඉහළම නායකත්වය ලබා දෙන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.






















