Friday, October 30, 2026
HomeNEWSමුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු ගැන අවධානය

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු ගැන අවධානය

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රිකකය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක්

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

මුතුරාජවෙල වගුරුබිම් ආශ්‍රිතව, පමුණුගම වෙරළ ආශ්‍රිත පාරිසරික හානි, සීදුව ලියනගේමුල්ල කර්මාන්ත ආශ්‍රිත ගැටලු සම්බන්ධව මෙහිදී අවධානය යොමු විය.

ඒ අනුව මෙම ප්‍රදේශවල සිදුවන පාරිසරික හානි නතර කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා මෙහිදී අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

එම පාරිසරික ගැටලුවලට තිරසර විසඳුම් ලබා ගැනීම අරමුණු කරගෙන ජනතා නියෝජිතයන් සහ ප්‍රජා සංවිධානවලින්ද සමන්විත කමිටු පිහිටුවීමට මෙහිදී තීරණය විය.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ජේ. ඩී. ඇන්තනි රදගුරුතුමා, සිරිල් ගාමිණී පියතුමා, නිලන්ත හේෂාන් පියතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසිත් භාෂණ ගමගේ, ස්ටෙෆනි ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති නීති උපදේශක ජේ. එම්. විජේබණ්ඩාර, පරිසර අමාත්‍යාංශයේ වැඩසටහන් සහකාර ආචාර්ය එම්. ජී. එම්. ප්‍රසන්න, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ඩී. පී. සී. උදය කුමාර, පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) අයි. ඩබ්. පී. සේනාරත්න යන මහත්ම මහත්මීහු, රාජ්‍ය නිලධාරීහු, කතෝලික පියතුමන්ලා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026.10.30

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“බයිනෑන්ස්” සමාගමේ ඩො:බි: 6.3 ක මුදලක් හැකර්වරුන් සොරා ගැනේ

ක්‍රිප්ටො මුදල් හුවමාරු ජාලයක් වන "බයිනෑන්ස්" සමාගමේ ඩො:බි: 6.3 ක මුදලක් හැකර්වරුන් සොරා ගැනේ. එය මෙතෙක් විශාලතම ක්‍රිප්ටෝ සොරකම ලෙස සැළකෙන අතර, සැකය උතුරු...

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සැප්තැම්බර් 8.0% සිට ඔක්තෝම්බර් 8.3% දක්වා ඉහළට. ආහාර උද්ධමනය 8.8% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 8% දක්වාත් ඉහළ යයි:...

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට: සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img