Saturday, November 7, 2026
HomeNEWSහදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස්

ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව වූයේ පැයක් තුළ මි.මි 129ක පමණ අධික වර්ෂාපතනයක් ලැබීම බවත්, දැනට පවතින කාණු සහ ජලාපවහන පද්ධතිය සකස් කර ඇත්තේ පැයකට මි.මි 30ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන පරිදි බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී කොළඹ නගර සභාවේ නිලධාරීන් විසින් අනාවරණය කරන ලද අතර, ඒ අනුව මෙවැනි හදිසි තත්ත්වයන්ට කාර්යක්ෂමව සහ කඩිනමින් මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අදාළ ආයතන එක් කරගනිමින් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබා දුන්නේය.

කොළඹ නගරයේ හදිසි ජල ගැලීම් තත්ත්වයන් ඇතිවීමට බලපාන හේතු සහ ඒ සඳහා ගත යුතු කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

අවශ්‍යතාව පරිදි කාණු සහ ජලාපවහන පද්ධති වැඩිදියුණු කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් ජලය බැස යන ඇතැම් කාණු පද්ධති සහ ඇළ මාර්ග අවහිර වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර, ජලය ක්‍රමානුකූලව බැස යෑමට බාධාවක් වන කාණු පද්ධති සහ ජල මාර්ග කඩිනමින් පිරිසිදු කිරීමටත්, අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී අවධානය යොමු කෙරිණි.

කොළඹ මහ නගර සීමාව තුළ පවතින අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය බැස යන ඇතැම් කාණු පද්ධති සහ ඇළ මාර්ග අවහිර වී ඇති බව මෙහිදී අනාවරණය විය. එම අනවසර ඉදිකිරීම් ඉවත් කර, අදාළ පිරිස් වෙනත් සුදුසු ස්ථානවල පදිංචි කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සහ කසළ විධිමත්ව බැහැර කිරීම සහ ජල මාර්ග පිරිසිදුව පවත්වාගෙන යෑමේ වැදගත්කම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකායේ ලේකම් සහ කැඳවුම්කරු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලින් ශ්‍රී ලංකා) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන, නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර, නාගරික කොමසාරිස් ඉංජිනේරු ඒ.ඩී.එස්. රෝහණ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාරනායක, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති (මේජර් ජෙනරාල් – විශ්‍රාමික) එම්.කේ.ඩී.පී. මාපලගම, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී. හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහුද, ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-11-07

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...

ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැංවීමට ඩබල් කැබ් රථ 10 ක්

ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැංවීමට ඩබල් කැබ් රථ 10 ක්. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත නිල වශයෙන් කැබි රථ ලබාදීම සෞඛ්‍ය...

අනුරාධපුර – රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමි ප්‍රදේශයේ සත්‍යග්‍රහයක් අතරතුර, උණුසුම් තත්ත්වයක්

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමි ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ පිරිසක් පවත්වන සත්‍යග්‍රහයක් අතරතුර, උණුසුම් තත්ත්වයක්: දෙදෙනෙකු අත්අඩංගුවට: පොලිසිය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img