මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
පසුගිය දිනවල ලැබුණු දරානිපාත වැස්සෙන් මුළු කොළඹම යට වූ අවස්ථාවේ නගරාධිපතිතුමිය පැවසුවේ කොළඹ ඇති කානු පද්ධතිය ප්‍රමාණවත් වන්නේ මි.මි. 30-50 අතර වර්ෂාවකට බවත් විශේෂඥයන් පෙන්වා දෙන පරිදි මේ ගංවතුර ඇති වූයේ ජලය බැසයාමේ ගැටලු නිසා බැවින් මේ කානු පද්ධතිය පිළිසකර කර විධිමත්ව පවත්වා ගෙන යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
මිලිමීටර් 120ක පමණ වැස්සක් ලැබුණක් එහි තීව්‍රතාව වැඩි බවත් 1992, 2005, 2016 මේ ආකාරයේ මීටත් වඩා වැඩි වැස්සක් ලැබුණු බව කාලගුණ විද්‍යා වාර්තා දක්වන බවත් කාලගුණ විද්‍යා වාර්තා අනුව 1993 දී මිලිමීටර් 493.7ක් 2010 දී 440.2 මි.මී. ආදී වර්ෂා ලැබුණත් මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් ඇති නොවු බවත් කොළඹ නගරයේ කානු සංවර්ධනය නොවීම, කානු පද්ධතියේ අපද්‍රව්‍ය ඉවත් නොකිරීම ආදී ගැටලු පවතිව බවත් මේ නිසා අතිවිශාල ජනතාව ව්‍යවසනකාරී තත්ත්වයට මුහුණ දුන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ජනතාව වත්මන් පාලකයන් පත් කර ගත්තේ මාස හයෙන් පුනරුදය උදාකරවීම යන පොරොන්දුව මත වුවත් අවසායේ මේ පාලන තන්ත්රයට කොළඹ නගරයේ කානු ටිකවත් සුද්ද කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය බලයේ සිටියා නම් ලෝකයේ ප්‍රශස්තම කුණාටු ජල අපවාහන පද්ධතියක් වන Storm Water Drainage System භාවිතයට ගැනීමට නියමිතව තිබූ බවත් සිංගප්පූරුව වැනි රටවල් ද ඒ ආකාරයේ නව තාක්ෂණය භාවිත කිරිම සිදු කරන බවත් ශක්තිමත් වැඩපිළිවෙළක් වන ඒකාබද්ධ කුණාටු ජල අපවහන පද්ධතිය අප රටට වඩාත් උචිත බවත් පුළුල් අපවහන පද්ධතියක්, වැසි ජල ඒකාරාශි කරන පද්ධතියක් පොළොව යට ජල ගබඩා කරන ටැංකි, Pumping and Diversion System, Green Infarsture ක්‍රියාත්මක කළ හැකි බවත් මෙය සිංගප්පූරුව අනුගමනය කරන ක්‍රමවේදය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
තවත් සාර්ථක ගංවතුර කළමනාකරණ වැඩසටහනක් නෙදර්ලන්තයේ භාවිත කරන බවත් එය Advanced Flood Managment System බවත් ඒ සඳහා ද පොළවයට ජල ගබඩා පද්ධති, විශාල පොම්ප භාවිත කිරීම, ගංවතුර බාධක ක්‍රමවේද, ගංගා පුළුල්කිරීම ආදී සංකල්ප භාවිත කරන බවත් සිංගප්පූරුව සහ නෙදර්ලන්තයෙන් පවා ආදර්ශ ලබා ගෙන නවීන ක්රමෝපායන් අප රටට උචිත ලෙස සකස් කළ යුතු බවත් ඒ ආකාරයෙන් මෙවැනි මහා පරිමාණ වර්ෂාවලින් සිදුවන ගංවතුර පාලනය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අවස්ථාවේ සිදු විය යුත්තේ එකිනෙකාට ඇගිල්ල දිගු නොකර නැවත වරක් මෙවැනි තත්ත්වයක් නිර්මාණය නොවන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂය බැහැර කරලා මේ ගැටලුවලට විසදුම් සෙවිය නොහැකි බවත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති මාලිමා රජයට මේවා කළ නොහැකි ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
එසේම පුහු වචනවලට ඇන්දවිල්ලට රැවටෙන් නැතිව සත්‍යවාදී දර්ශනයක් තුළින් ඉදිරියට යන ප්‍රතිපත්තිවලට ශක්තිය ලබා දෙන්න කාලය එලැබ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.






















