Thursday, November 12, 2026
HomeNEWSනාමල් රාජපක්ෂගෙන් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක්

නාමල් රාජපක්ෂගෙන් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක්

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් – නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන මණ්ඩල සාමාජිකයන් වන මිලින්ද රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් දකුණු කොරියානු ජාතික සභාවේ විදේශ කටයුතු හා එක්සත් කිරීමේ කමිටුවේ සභාපති ගරු සොං සොක් ජුන් (Song Seok-jun) මහතා හමුවී තිබේ.

මෙම හමුවේදී සිරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ විශේෂ පණිවිඩයක්ද සභාපතිවරයා වෙත භාරදෙනු ලැබීය.

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ තුන්වරක් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ සොං සොක් ජුන් මහතා, වසර 25කට ආසන්න කාලයක් රාජ්‍ය සේවයේ නිරතව සිටි අයෙකි. එරට ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ ප්‍රකාශකවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබේ. වර්තමානයේ දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු හා එක්සත් කිරීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය, ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන අභියෝග සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධ ගැටලු පිළිබඳව කොරියානු සභාපතිවරයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස කටයුතු කළහ. දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථා පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන තිබේ.

මෙහිදී මිලින්ද රාජපක්ෂ මහතා විසින් තම තුන්වැනි කෘතිය වන Poverty to Prosperity – දකුණු කොරියානු සංවර්ධන ආකෘතිය සභාපතිවරයා වෙත පිළිගන්වන ලදී. එමෙන්ම දකුණු කොරියාවේ සංවර්ධනයට හිටපු ජනාධිපති පාක් චුන්ග් හී මහතා කළ දායකත්වය සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සංවර්ධන ජයග්‍රහණ පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර දිගුකාලීන සබඳතාව අගය කළ සභාපතිවරයා, කොරියානු කර්මාන්ත සඳහා ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් ලබාදීමෙන් දෙරට අතර ඇතිවී තිබෙන සම්බන්ධතාවද සිහිපත් කළේය.

ලබන වසරේ පාකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල සංචාරය කිරීමටත්, ඉන්දියාවේ සංචාරයක් පිළිබඳව සලකා බැලීමටත් තමන් අපේක්ෂා කරන බව සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය. එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඔහුට ආරාධනා කළ නියෝජිත පිරිස, කොරියානු ආයෝජකයන් අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමටද ඉල්ලීමක් කළහ.

මෙම හමුව සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගත්තේ දකුණු කොරියාවේ දිගුකාලීන ශ්‍රී ලාංකික ප්‍රජා නායකයෙකු වන ප්‍රේමලාල් මහතාය. ඔහුගේ මැදිහත්වීමෙන් ඉතා කෙටි කාලයක් තුළ මෙම හමුව සංවිධානය කර ගැනීමට හැකිවිය.

මෙම අවස්ථාවට ප්‍රේමලාල් මහතාගේ නායකත්වයෙන් දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ප්‍රජා නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය ඒකකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img