Thursday, November 12, 2026
HomeNEWSඅනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීම සඳහා මැදිහත් වීම පිළිබඳව ඒ මහතාගේ පවුලේ සාමාජිකයෝ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සිය ස්තූතිය පළ කළහ.

එහිදී ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටීම තම වගකීම බව ප්‍රකාශ කළේය.

අනෝජන් සිවරාසා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් සෞදි අරාබි රජයට මෙන්ම, ඒ සඳහා ජාති, ආගම්, පක්ෂ, පාට ආදී කිසිදු භේදයකින් තොරව මැදිහත් වූ සියලුදෙනාටද විශේෂ ස්තූතිය හිමි විය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අනෝජන් සිවරාසා මහතා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ දෙමාපියෝ ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්හ.

තම පුතණුවන් මරණ දඬුවමින් මුදා ගෙන සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීම සඳහා මුල සිටම මැදිහත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන්ටත්, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, සෞදි අරාබිය වෙත ගොස් නීතිමය වශයෙන් මැදිහත්වීම් සිදු කළ නීතිඥවරුන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ටත් අනෝජන් සිවරාසාගේ මව මෙහිදී සිය කෘතඥතාව පළ කළාය.

ජනාධිපතිවරයා පළමුවරට හමු වූ අවස්ථාවේදී ලබා දුන් පොරොන්දුව පරිදි අනෝජන් සිවරාසා මහතා නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව ස්තූතිය පළ කළ සමාජ ක්‍රියාකාරී රාජ්කුමාර් රජීව්කාන්ත් මහතා, මේ කාලසීමාව තුළදීම බංග්ලාදේශ ජාතික යුවළකට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සිදුවීම හේතුවෙන් අනෝජන් සිවරාසා මහතාගේ දෙමව්පියන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටි බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට එක් විය.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-11-12

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ

2027 අයවැය: වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ. හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය විශේෂ රාජකාරී දීමනා රු:6000 කින් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එය රු:2000...

රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට

2027 අයවැය: රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට. විද්‍යුත් වාහන භාවිත කරන නිලධාරීන්ට ජූලි මාසයේ සිට 150% දීමනා ඉහළ නැංවීමක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img