Friday, November 13, 2026
HomeNEWSඅයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ -...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි.

අයවැය සම්බන්ධයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆයිසර් මුස්තාපා මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ජනාධිපතිවරයා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් සිදු කළ යුත්තේ අයවැය යෝජනා පිළිබඳව ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් බුද්ධිමය සංවාදයක යෙදීම.

මෙම අයවැය යෝජනා සම්බන්ධයෙන් දත්ත සහිතව ජනතාවට වැදගත් කරුණු ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ඉදිරිපත් කළ යුතුයි.

එසේ නොමැතිව මයික් ටයිසන්ලා වෙන්න ගිහිල්ලා දෙපැත්තෙම කට්ටිය නිකන් දේශපාලන වේදිකාවක් බවට පාර්ලිමේන්තුව පත්කරගත්තොත් ජනතාවට ඉන් ප්‍රයෝජනයක් අත් වන්නේ නැහැ.

2027 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණාද නැද්ද කියලා ඒ වර්ෂය අවසානයේදී තමයි දැනගන්න පුළුවන් වෙන්නේ.

එතකොට ජනතාව තීන්දු කරයි, ඒවා ක්‍රියාත්මක වෙලාද නැද්ද කියලා. එතකොට ජනතාවට හොඳින් බලාගන්න පුළුවන්. ඒ සඳහා ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් කළ යුත්තේ අයවැය යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාවට වැදගත් වන සංවාදයක නිරත වීම.

අයවැය දේශපාලන වේදිකාවක් කර ගත්තොත් ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයින් කියන්නේ ආණ්ඩු පක්ෂය හරි කියලා. විරුද්ධ පක්ෂයේ ජනතා නියෝජිතයින් කියන්නේ විරුද්ධ පක්ෂයේ හරි කියලා. එවිට වැදගත් වැදගත් සංවාදයක් රටට සහ ජනතාවට අවශ්‍ය ආකාරයෙන් සිදුවන්නේ නෑ.

ඒ නිසා අයවැය විවාදය ඉතා හරහාත්මකව යොදාගත්තොත් එය රටටත් ජනතාවටත් ඉතාමත්ම වැදගත් වනවා.

60,70,80 දශකවල අයවැය විවාද හැන්සාඩ් වාර්තා බලන විට ඉතාමත්ම හරවත්ව ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් එවකට හිටපු ජනතා නියෝජිතයින් කටයුතු කරලා තියෙනවා. අදහස් ඉදිරිපත් කරලා තියෙනවා.

ඒ නිසා මම කියන්නේ අයවැය විවාදය ඉතාමත්ම හරවත්ව සිදු කිරීමට ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තු කාලය යොදා ගැනීම ඉතාමත්ම වැදගත් වනවා කියලා. එය මයික් ටයිසන්ලාගේ වේදිකාවක්, තරගයක් බවට පත්කර ගත යුතු නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංශෝධිත ජාතික...

තරුණ පරම්පරාව අයවැයෙන් සම්පූර්ණයෙන්ම අමතක කරලා- එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අයවැය සම්බන්ධයෙන් ඊයේ දින(12) කළ විශේෂ ප්‍රකාශය. මේ ඉදිරිපත් කර තිබෙන...

සතියක් ඇතුළත දෙපාරක්ම කොළඹ ගංවතුරට යට වුණා.. කොළඹ මහ නගර සභාව හොඳටම ෆේල්- ෂිරාස් යුනුස්

සතියක් ඇතුළත පැමිණි දෙවැනි ගංවතුරෙන්ද කොළඹ යටවීම වළක්වා ගැනීමට මාලිමාවෙන් පාලනය වන වර්තමාන කොළඹ මහ නගර සභාවට නොහැකි වූ බව නව ලංකා නිදහස් පක්ෂයේ...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල යළි ඉහළට

ඉරානය සමඟ ගිවිසුමක් අවශ්‍ය නොවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමත් සමඟ ලෝක වෙළඳපලේ තෙල් මිල යළි ඉහලට; බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් 3.3% කින් ඉහළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img