Sunday, November 22, 2026
HomeNEWSසංචාරක කර්මාන්තයේ බදු බර අඩු කරමින්, ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට නව අවස්ථා-ඇමති විජිත

සංචාරක කර්මාන්තයේ බදු බර අඩු කරමින්, ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට නව අවස්ථා-ඇමති විජිත

සංචාරක කර්මාන්තයේ බදු බර අඩු කරමින්, ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට නව අවස්ථා!

සංචාරක ක්ෂේත්‍රයෙන් මෙතෙක් අය කළ සංචාරක සංවර්ධන බද්ධ මෙවර අයවැයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි. එම ක්ෂේත්‍රය මෙතෙක් ද්විත්ව බදුකරණයට ලක්ව තිබුණු බවයි ඊයේ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 61 වන සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

සංචාරක ක්ෂේත්‍රයට අභ්‍යන්තර හා බාහිර අභියෝගයන්ට මුහුණ දීමට සිදුවිය. එවැනි අනපේක්ෂිත සිදුවීම් ඇති වුවත් දීර්ඝ කාලීන උපාය මාර්ගික සැලැස්මකට අනුව එම ක්ෂේත්‍රය ආර්ථිකයේ ඉහළම තැනකට ඔසවා තැබීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

සංචාරක කර්මාන්තයේ පැවැත්ම පෞද්ගලික අංශය සතු බව පැවසූ ඇමතිවරයා රජයේ වගකීම වන්නේ ඊට අවශ්‍ය ප්‍රතිපත්ති හා නීතිමය රෙගුලාසි සකස් කිරීමයි.

කුඩා හා මධ්‍ය පරිමාණ හෝටල් කර්මාන්ත කරුවන්ට හා අලුතින් බිහිවන ආපනශාලා හා සංචාරක ක්ෂේත්‍රය ද්විත්ව බදු කරනයෙන් නිදහස් වීම සහනදායී පියවරක් වේ.

ක්ෂේත්‍රය නගා සිටුවීමට අවශ්‍ය ශක්තිය රජයක් ලෙස ලබාදීමට සූදානම් බවද ඒ සඳහා අවශ්‍ය කැපවීම, ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ සහභාගීත්වය, කර්මාන්තයේ නගා සිටුවීමට රුකුලක් වන බවද ඇමතිවරයා පැවසුවා.

මේ අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ,තානාපතිවරුන්,හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ හා පෞද්ගලික ආයතනයන්හි නිලධාරීන් රැසක් ද එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL සමඟ ඇමති විජිත සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණ දෙන වත්මන් ගැටලු සහ ඒවාට විසඳුම්...

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත. ඒ හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් වේලාවක් වෙන්කරගෙන (Appointment)...

ඉරානය විසින් බහරේනයේ කාර්මික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරයි

ඉරානය විසින් කාර්මික මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් ගිනි ගැනීමක් සහ දේපළ හානි සිදුවූ බව බහරේනය පවසයි; ගල්ෆ් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකටද ඉරානයෙන්...

චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශන විද්‍යාත්මකව සහ අධිකරණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ – අධිකරණ ඇමති

සෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශන විද්‍යාත්මකව සහ අධිකරණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ – අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි යාපනය, සෙම්මනි සමූහ මිනීවළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img