Sunday, November 22, 2026
HomeNEWSලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් APEC ආර්ථික නායක සමුළුව ඇරඹේ

ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් APEC ආර්ථික නායක සමුළුව ඇරඹේ

ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් APEC ආර්ථික නායක සමුළුව ඇරඹේ

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් 33 වැනි APEC ආර්ථික නායක සමුළුව අද (19) පෙරවරුවේ චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේ ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයේ ආරම්භ වුණා.
ෂී ජින්පිං මහතා එම සමුළුව අමතමින් “ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනගමින් ‘ආසියා-පැසිෆික් ආශ්චර්යයේ’ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම” යන මැයෙන් යුත් වැදගත් දේශනයක් ද පැවැත්වුවා.
දශක තුනකට පෙර යුගයේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි, APEC සංවිධානය ස්ථාපිත කිරීමත් සමගම ආසියා පැසිෆික් කලාපය ගොඩනැගීමේ දැවැන්ත ගමන ආරම්භ වී තිබෙන බව ෂී ජින්පිං මහතා එම සමුළුවේදී පැවසුවා. ගතවූ වසර 30ක කාලය තුළ ආසියා පැසිෆික් කලාපය දිනෙන් දින සංවර්ධනය වෙමින් පවතින අතර ආර්ථිකය වේගවත්ව සංවර්ධනය වෙමින් “ආසියා-පැසිෆික් ආශ්චර්යය” නිර්මාණය කර ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළා.
චීනය, ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික සහයෝගිතා සඳහා පෙනී සිටිමින් එය තහවුරු කරන්නෙක් බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නා.
APEC සංවිධානයේ ප්‍රායෝගික සහයෝගීතාවට සහාය වීම වෙනුවෙන් චීනය ඇමරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් සපයනවා. ආසියා-පැසිෆික් ප්‍රජාවක් පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය Shenzhen නගරයේදී ස්ථාපිත කරමින් ප්‍රතිපත්ති අධ්‍යයනය හා හුවමාරු චීනය සිදු කිරීමට අපේක්ෂා කරන බව එහිදී සඳහන් වුණා. ආසියා-පැසිෆික් කලාපයේ සහයෝගීතාව මත ඩිජිටල් තාක්ෂණය, අන්තර්ජාතික දත්ත ගලනය, පිරිසිදු බලශක්ති, මධ්‍යම හා සුළු ව්‍යවසායන් සංවර්ධනය යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතා ආයතන ස්ථාපිත කරමින් ආසියා-පැසිෆික් කලාපයේ නවෝත්පාදනය හා පරිසර හිතකාමී වර්ධනය බිහිකිරීමට චීනය ක්‍රියා කරනු ඇතැයි ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා – විපක්ෂ නායක සජිත්

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ජීවන වියදම වැඩි වී ජීවන බර වැඩි...

සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL සමඟ ඇමති විජිත සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණ දෙන වත්මන් ගැටලු සහ ඒවාට විසඳුම්...

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත. ඒ හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් වේලාවක් වෙන්කරගෙන (Appointment)...

ඉරානය විසින් බහරේනයේ කාර්මික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරයි

ඉරානය විසින් කාර්මික මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් ගිනි ගැනීමක් සහ දේපළ හානි සිදුවූ බව බහරේනය පවසයි; ගල්ෆ් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකටද ඉරානයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img