මාලිමා ආණ්ඩුවේ වෛරය වපුරන දේශපාලන ක්‍රියාවලියට හවුල් නොවන ලෙස තමා මුස්ලිම් තරුණ ප්‍රජාවගෙන් ඉතාමත්ම ආදරයෙන් , කරුණාවෙන් ඉල්ලීමක් කරන බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ වෛරී සහගත දේශපාලනය ක්‍රියාත්මක කිරීමට මාලිමාව කටයුතු කිරීම ඉතාම කණගාටුදායක වන බවත් මීට පෙර කිසිදු දේශපාලන පක්ෂයක් මේ ආකාරයෙන් වෛරය වැපිරීමට කටයුතු නොකළ බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ෂිරාස් යුනුස් මහතා මෙසේද පැවසුවේය.
දැන් බලන්න මාලිමාව දිගටම වෛරය වපුරනවා. දිගින් දිගටම ද්වේෂ සහගත ලෙස අනෙකුත් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරයින්ට, වෘත්තීය සමිති නියෝජිතයින්ට, නායකයින්ට චෝදනා එල්ල කරනවා.
එතකොට කිසිදු සාක්ෂියක් නැතිවයි බොහෝ විට මේ චෝදනා එල්ල කරන්නේ.
එහෙම කරන්නේ දේශපාලන පළිගැනීම සිදු කරන්නයි, විපක්ෂය මර්ධනය කරන්නයි.
ඒක හරිද එහෙම අසත්‍ය චෝදනා එල්ල කරලා දිගින් දිගටම මඩ ගහනවා, ඔවුන්ගේ මඩ බලකාය හරහා. එහෙම කරන එක හරිද? ඒ නිසා මේ මඩ බලකායේ දේවල් වලට රැවටෙන්න එපැයි කියලා මං විශේෂයෙන්ම මුස්ලිම් තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ මඩ බලකායේ දේවල්වලට රැවටිලා සමහර මුස්ලිම් තරුණ පිරිසුත් මට ප්‍රහාර එල්ල කරනවා.
නමුත් මම ඒවා ගණන් ගන්නේ නෑ. නමුත් ඔවුන්ට ඉක්මනටම යථාර්ථය තේරේවි කියලා මම හිතනවා.
මාලිමාවේ වැදගත් සාමාජිකයිනුත් ඉන්නවා. ඇයි හොඳ දේශපාලන සංවාදයක් ඇතිකරගෙන ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට යන්න බැරි? ඇයි මෙහෙම මඩ ගහලා අපහාස කරලා විපක්ෂය මර්ධනය කරන්න හදන්නේ.
සමාජ මාධ්‍යයට ඇබ්බැහි වෙලා ඉන්න සමහර තරුණ පිරිස් ඇත්තටම පත්තරයක්, පොතක් පතක් කියවන්නේ නැහැ. ඒකත් ලොකු ඛේදවාචකයක්. සමාජ මාධ්‍යයේ එන සමහර බොරු මෙම තරුණ පිරිස් කිසිදු වගකීමකින් තොරව හොයන්නේ බලන්නේ නැතුව වැළඳ ගන්නවා.
මේ නිසා මං ඉල්ලීමක් කරනවා සමාජ මාධ්‍යයේ පළවන හැම දෙයක් ගැනම ඉතාම හොඳින් හොයලා බලන්න කියලා. නිකරුණේ රැවටෙන්න එපා කියලා. බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.






















