හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා විසින් හිටපු ජනාධිපති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට දුරකථනයෙන් කතා කොට තිබේ.
රනිල් පසුගිය (18)බදාදා උදේම මහින්දට දුරකථන ඇමතුමක් ගත්තේය.ඒ මහින්දගේ 81 වැනි උපන්දිනයට සුබ පතන්නටය.
” හලෝ මම සුබ ප්රාර්ථනා කරන්න කතා කළේ.වෙලාවක මම හම්බවෙන්න කියලා හිටියේ.ලබන සුමානේ ඇවිත් යන්න එන්නම්”යනුවෙන් රනිල් මහින්ද අමතමින් උපන් දින සුබ පැතුම් එක් කළේය.
බොහොම ස්තූතියි කතා කළාට. එන්න එන්න කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඊට ප්රතිචාර දැක්වූ බවද වාර්තාවේ.






















