Sunday, November 22, 2026
HomeNEWSකොමිෂන් සභා ස්වාධීන වුනොත් පමණයි ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ- ජේ.සී. අලවතුවල

කොමිෂන් සභා ස්වාධීන වුනොත් පමණයි ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ- ජේ.සී. අලවතුවල

මේ රටේ ස්ථාපිත ස්වාධීන කොමිසන් සභා ස්වාධීනව කටයුතු කරන්නේ නම් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යාහැකි බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී ‍අද (21) ප්‍රකාශ කළේය.

2027 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, අධිකරණ සේවා කොමිසන් සභාව, මුදල් කොමිසන් සභාව, මැතිවරණ කොමිසන් සභාව, ජාතික විගණන කාර්යාලය ඇතුළු වැය ශීර්ෂ 25 ට අදාළ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජේ.සී අලවතුවල මහතා,

“මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සඳහා අපේ සහාය ලබාදෙනවා. අපි ඒවාට විරුද්ධ නැහැ. අපේ රටේ දරුවන්, පුරවැසියන් අද මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී තිබෙනවා. එයින් මුදා ගතයුතු වෙනවා. අද ග්‍රාමීය මට්ටමින් මත්ද්‍රව්‍යය ව්‍යාප්ත වී තිබෙනවා. මේ තත්ත්වයක් තිබෙනවා. එය තුරන් කළයුතු වෙනවා. ජනාධිපති කාර්යාලය සඳහා විශාල මුදලක් අයවැයෙන් වේනකර තිබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා පිළිබඳව කතා කළයුතු වෙනවා. කොළඹ නගරය මුල්කරගෙන ක්‍රියාත්මක වුණා. මේ තුළ යම් තත්ත්වයන් ඇතිවූ පසුව ජනතාවට සෙතක් තිබෙනවාද. පසුගිය දා වැස්ස නිසා කොළඹම යටවුණා. කාණු පිරිලා, යම් යම් අවහිරතා නිසා ඒවැන්නක් සිදුවුණා. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට මුල්තැන දීමෙන් පසුව මෙවැන්නක් ඇතිවීම ගැටළුවක් වෙනවා. ශ්‍රී ලංකාවේ ස්වාධීන කොමිසන් සභා පත්කිරීමේ දී මූලිකව බලපා තිබෙන්නේ ඒ ආයතන ස්වාධීනව කටයුතු කිරීමටයි. නම ස්වාධීන වුණාට හැම ආයතනයක්ම ස්වාධීන නැහැ.

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිසන් සභා ගෙනාවා. මේවා ශක්තිමත් කරන්න පියවර ගත්තා. මේවා ස්වාධීනව කටයුතු කරන්නේ නම් පමණක් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනයන්න පුළුවන්. මේවා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අපි අවබෝධයක් ගතයුතු වෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සමතුලිතව ඉදිරියට යනවා කිවුවට එවැන්නක් වෙන්නේ නැහැ. මේ රටේ ජනතාව හැම අවස්ථාවකම තුනෙන් දෙකේ බලයක් දුන්නා. නමුත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය වී තිබෙනවා. මේ කොමිසන්වල ක්‍රියාවලිය ස්වාධීනව සිදුවන බවට ජනතාව අතර විශ්වාසයක් ඇතිවිය යුතු වෙනවා. මෙය දේශපාලණීකරණයෙන් තොරව කටයුතු කළයුතු වෙනවා. රටේ ජනතාවට තේරුම් ගතහැකි ලෙස ස්වාධීන වියයුතු වෙනවා. පක්ෂග්‍රාහීව කටයුතු සිදුවෙනවා කියා ජනතාවට හැඟෙන්නේ නම් ඵලක් නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සකස් කළත් ඒ්වායින් සැබෑ වියයුතු කාර්යය ජනතාවට ඉටුවිය යුතු වෙනවා. ජනතාවට තමන්ගේ මානව අයිතිවාසිකම් සාධාරණව ඉටුවිය යුතුයි. ඒ විශ්වාසය ඇතිකළ යුතු වෙනවා. එම විශ්වාසය කඩ වන්නේ නම් අපි කරන්නේ ලොකු හානියක්. ඒ කොමසන් සභාවලට අවශ්‍ය කාර්ය මණ්ඩලය, අවශ්‍ය පහසුකම් අපි ලබාදිය යුතු වෙනවා. අපි පක්ෂපාතීව වැඩකළ යුතු නැහැ. ජනතාව වෙනුවෙන් කටයුතු කළයුතු වෙනවා. ඒ තැන සිට කොමිසන් සභා කටයුතු කළයුතු වෙනවා. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බැලිය යුතු වෙනවා. ඒ අයට දීමනාවක් ලබාදිය යුතු වෙනවා. හවස 5.00 ක් පසුව රුපියල් 750 ක දීමනාවක් ලබාදෙනවා. එය තවදුරටත් වැඩිකරන්න කියා ඉල්ලීමක් කරනවා.” පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL සමඟ ඇමති විජිත සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණ දෙන වත්මන් ගැටලු සහ ඒවාට විසඳුම්...

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත. ඒ හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් වේලාවක් වෙන්කරගෙන (Appointment)...

ඉරානය විසින් බහරේනයේ කාර්මික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරයි

ඉරානය විසින් කාර්මික මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් ගිනි ගැනීමක් සහ දේපළ හානි සිදුවූ බව බහරේනය පවසයි; ගල්ෆ් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකටද ඉරානයෙන්...

චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශන විද්‍යාත්මකව සහ අධිකරණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ – අධිකරණ ඇමති

සෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශන විද්‍යාත්මකව සහ අධිකරණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ – අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි යාපනය, සෙම්මනි සමූහ මිනීවළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img