Thursday, October 29, 2026
HomeNEWSLatest Newsමෙවර මැතිවරණයේ දී පොහොට්ටුව අති විශාල ඡන්ද ප්‍රමාණයකින් විජයග්‍රහණය කරනවා..

මෙවර මැතිවරණයේ දී පොහොට්ටුව අති විශාල ඡන්ද ප්‍රමාණයකින් විජයග්‍රහණය කරනවා..

  • මෙවර මැතිවරණයේ දී පොහොට්ටුව  අති විශාල ඡන්ද ප්‍රමාණයකින් විජයග්‍රහණය කරනවා..
  • රට දියුණු කිරීම උදෙසා ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනා එක් විය යුතු අවස්ථාවක් එළඹ තිබේ…
  • එක්සත් ජාතික පක්ෂය සෑම විටම රට විකුණන ප්‍රතිපත්තියක ඉන්නවා..
  • පරාජය අත් විඳීමට සූදානම් වන දෙකට  බෙදුණු විපක්ෂය අද කට කතා ප්‍රචාරය කර හරිනවා..

– ශ්‍රී.පො.පෙ.නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ uy;d හම්බන්තොටoS

මෙවර මැතිවරණයේ දී පොහොට්ටුව පක්ෂය අති විශාල ඡන්ද ප්‍රමාණයකින් විජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (2020.08.02) පස්වරුවේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමු කිහිපයකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ නව ආණ්ඩුවක් පිහිටුවා රට දියුණු කිරීම උදෙසා කටයුතු කිරීමට ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනා එක් විය යුතු අවස්ථාවක් එළඹ ඇති බවයි.

මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරණය කටයුතු අවසන් කෙරෙන අද  දිනයේ  හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය,මිද්දෙණිය, වලස්මුල්ල යන ප්‍රදේශවල මෙම ජනහමු සංවිධානය කොට තිබිණි.

රට ගොඩනැගීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අත්වැලක් වීම සඳහා ඔහුට පක්ෂපාතී  පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය වර්තමානයේදී මතුවී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකත්වය ගනු ලැබීම හේතුවෙන් කොවිඩ්-19 වසංගතය වැනි බරපතල ගෝලීය වසංගතයක්  සාර්ථක ලෙස මර්දනය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ලෝකයේ බොහෝ නායකයින් අසරණ වූ අවස්ථාවක දී මෙරට හමුදාව සහ සෞඛ්‍ය අංශ යොදවා කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීම සඳහා සාර්ථකව තීරණ ගැනීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකි වීම අගය කළ යුතු අතරම ඊට ජනතාව ලබාදුන් සහය පිළිබඳවද කෘතඥ පූර්වකව සිහිපත් කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සෑම විටම රට විකුණන ප්‍රතිපත්තියක සිටින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය රජය නියෝජනය කළ අපේ ඇතැම් පිරිස්ද ඊට සහයෝගය දැක්වීම   කනගාටුවට කරුණක් බවයි.

රටේ සම්පත් විකිණීම සහ  දේශපාලන පලිගැනීම හැර රටට, පළාතට, ගමට කිසිම වැඩක් කිරීමට යහපාලන රජය අපොහොසත් විය.එදා සංස්කෘතික අරමුදල සතුව තිබූ මුදල් විශාල වශයෙන් පාලම් බෝක්කු සෑදීමට යැයි පවසා අක්‍රමවත් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් මේ වන විට සියලු තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img