Saturday, October 24, 2026
HomeNEWSLatest Newsපාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය දීමේ පෙරහුරුවක්

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය දීමේ පෙරහුරුවක්

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය දීමේ පෙරහුරුවක්

පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරුන්ට සභා ගර්භයේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමය ඔස්සේ ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය පිළිබඳව පෙරහුරුවක් ඊයේ (25) රාත්‍රී පාර්ලිමේන්තුවේදී සිදුවිය.

නව වැනි පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට පිළිවෙත් හඳුන්වාදීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවති වැඩමුළුවේ පළමු දිනය අවසානයේදී මෙම පෙරහුරුව සිදුවිය.

ඉතා වෙහෙසකර දිනයක අවසානයේදී වුවද ඊයේ රාත්‍රී 7.00ට පමණ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම පෙරහුරුවට නවක මන්ත්‍රීවරු ඉතා උනන්දුවකින් සහභාගී වූහ.

තම ඇඟිලි සටහන තබා ඉන්පසු විදුලි බොත්තමින් ඡන්දය පාවිච්චි කිරිම සිදු කල යුතු ආකාරය මෙන්ම යම් අත්වැරැද්දකින් වැරදි බොත්තමක් සළකුණු කළහොත් එය නිවැරදි කර ගැනීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරුන්ට අවබෝධයක් ලබා දෙන ලදී.

ඉන්පසු මන්ත්‍රීවරු ප්‍රායෝගිකව ඡන්දය ලබා දෙමින් පෙරහුරුවකද නිරත වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img