Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsපාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය දීමේ පෙරහුරුවක්

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය දීමේ පෙරහුරුවක්

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය දීමේ පෙරහුරුවක්

පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරුන්ට සභා ගර්භයේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමය ඔස්සේ ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය පිළිබඳව පෙරහුරුවක් ඊයේ (25) රාත්‍රී පාර්ලිමේන්තුවේදී සිදුවිය.

නව වැනි පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට පිළිවෙත් හඳුන්වාදීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවති වැඩමුළුවේ පළමු දිනය අවසානයේදී මෙම පෙරහුරුව සිදුවිය.

ඉතා වෙහෙසකර දිනයක අවසානයේදී වුවද ඊයේ රාත්‍රී 7.00ට පමණ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම පෙරහුරුවට නවක මන්ත්‍රීවරු ඉතා උනන්දුවකින් සහභාගී වූහ.

තම ඇඟිලි සටහන තබා ඉන්පසු විදුලි බොත්තමින් ඡන්දය පාවිච්චි කිරිම සිදු කල යුතු ආකාරය මෙන්ම යම් අත්වැරැද්දකින් වැරදි බොත්තමක් සළකුණු කළහොත් එය නිවැරදි කර ගැනීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරුන්ට අවබෝධයක් ලබා දෙන ලදී.

ඉන්පසු මන්ත්‍රීවරු ප්‍රායෝගිකව ඡන්දය ලබා දෙමින් පෙරහුරුවකද නිරත වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...

අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 9081ක් නිකුත් කිරීමට පියවර ගත්තා-අධිකරණ ඇමති

මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ.පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගත්තා.අධිකරණ ඇමති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img