Wednesday, October 28, 2026
HomeNEWSLatest Newsශ්‍රී ලංකාව තුළ අන්තවාදය ව්‍යාප්ත කරන මුස්ලිම් සංවිධාන

ශ්‍රී ලංකාව තුළ අන්තවාදය ව්‍යාප්ත කරන මුස්ලිම් සංවිධාන

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ද මෙරට තුළ ඇතැම් කණ්ඩායම් ඉස්ලාම් අන්තවාදි දේශන පවත්වමින් සිටින බවට මවුලවිවරයෙක් පාස්කු ප්‍රහාරය පිළිබඳ ව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ විශේෂ අනාවරණයක් ඊයේ (02) සිදුකර තිබේ.

කොමිසම හමුවේ සාක්ෂි දෙමින් එම මවුලවිවරයා සඳහන් කළේ, ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අන්තවාදි සංවිධාන 02ක් පමණක් තහනම් කළ ද තවත් අන්තවාදි සංවිධාන 07 ක් රට තුළ ක්‍රියාත්මක වන බවය.

එම මවුලවිවරයා ගේ නම මාධ්‍යයට අනාවරණය කෙරුණේ නැහැ.

කෙසේ වෙතත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් එම මවුලවිවරයා සදහන් කළේ මෙරට තුළ සිටින සාම්ප්‍රදායික මුස්ලීම්වරයෙකු වන තමන් අන්තවාදි වහබ්වාදයට එරෙහිව දේශන පැවැත්වීමත් සමග වහබ්වාදින්ගේ හිංසනයට ලක්වු බවය.

1991 වර්ෂයේදි මක්කම වන්දනා ගිය පිරිසකට තමන් ගුවන්යානය තුළදි සාම්ප්‍රදායික ඉස්ලාම් ඉගැන්වීම් දේශන කිරීම නිසා උරණ වු මෙරට පිරිසක් මක්කමදි තමන්ට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදුකළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එසේම 1994 වර්ෂයේ දවටගහ පල්ලියේ දේශනා කරමින් සිටියදි තමන්ට යළි වහබ්වාදින් පිරිසක් පහරදුන් බව සදහන් කළ මවුලවිවරයා වැඩිදුරටත් කියා සිටියේ අක්කරෛයිපත්තුව ප්‍රදේශයේදි තමන් වෙත වෙඩි තැබීමක්ද සිදු කළ බවය.

ඔහු ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ කුරාණයේ මුල් ඉස්ලාම් ඉගැන්වීම් තුළ මුස්ලීම් කාන්තාවන් ඇඳිය යුතු ඇදුම් පිළිබඳ ව කිසිදු සෘජු නියමයක් නොමැති අතර ඇත්තේ කාන්තාවගේ ගෞරවය සුරකින ලෙස අඳින්න යනුවෙන් පමණක් බවය.

පසු කාලීනව සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවන් හිස ආවරණය කර ගැනීමට පෙළඹුණ ද වර්තමානය වන විට මුහුණ සම්පුර්ණයෙන් වැසීම, කළු පැහැති ශරීරය සම්පුර්ණෙන්ම වැසෙන ඇඳුම් ඇඳීම සිදුවන්නේ මුළුමනින්ම අන්තවාදි අදහස් අනුව බව මවුලවිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී ජනාධිපති කොමිසමේ සාමාජික හිටපු අමාත්‍යාංශ ලේකම්වරිය විමසා සිටියේ බේරුවල ජමියා නලීමියා නැමැති විශ්ව විද්‍යාලයක් පිළිබදව අසා ඇත්ද යන්නය.

තමන් ඒ පිළිබද හොඳින් දන්නා බව පැවසු සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේ එම අධ්‍යාපන ආයතනය තුළ සිදුවන්නේ සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට එරෙහි ඉගැන්වීම් යන්නය.

එසේම ඊජිප්තුවේ උපත ලැබු ලොව පුරා දැඩි වහබ්වාදි මතවාදයක් ගෙන යන්නෙකු වන යුසොෆ් කර්දාවි නැමැත්තා 2003 වර්ෂයේදි මෙම ආයතනයට පැමිණි බවත්, සහරාන් හෂීම්ද දෙවරක් මෙහි පැමිණි බව තමන්ට දැනගන්නට ලැබුණු බව මවුලවිවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී කොමසාරිස්වරිය යළි ප්‍රශ්න කර සිටියේ ඔබට හැඟීයන ලෙස මඩකළපුව විශ්ව විද්‍යාලය නොහොත් “බැටික්ලෝ කැම්පස්” යන්න කුමන මාර්ගයක ගමන් කරන්නේද යන්නය.

එයට පිළිතුරු දෙමින් මවුලවිවරයා කියා සිටියේ එය  සම්පූර්ණයෙන්ම වහබ්වාදය ඉගැන්වීම පදනම් කරගත් ආයතනයක් වන අතර එහි අන්තවාදි  කටයුතු සිදුවන බවට කිසිදු සැකයක් නොමැති බවයි.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු තවමත් මෙරට තුළ අන්තවාදි දේශන පැවැත්වීම් සිදුවන්නේද යන්නය.

එයට පිළිතුරු දෙමින් මවුලවිවරයා සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වන විටත් ඇතැම් කණ්ඩායම් මෙරට තුළ අන්තවාදි දේශනා පැවැත්වීම් සහ වහබ්වාදි මතවාද ප්‍රචාරය කිරීම් සිදුකරගෙන යන බවය.

එම වහබ්වාදය ප්‍රචාරණය කිරීම සදහා සෞදි අරාබියේ සිට ආධාර ගලාගෙන එන බව පැවසු මවුලවිවරයා වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු රජයේ අවධානය ඒ දෙස යොමුවීම හේතුවෙන් මේ වන විට විකල්ප මාර්ග හරහා මේ ආධාර ගලා ඒම සිදුවන බවය.

කෙසේ වෙතත්, මෙරටින් අන්තවාදය සම්පුර්ණයෙන්ම නැති කිරීමේ අවස්ථාවක් පාස්කු ප්‍රහාරයෙන් පසු උදාවුණ ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් අනුවණ තීරණයක් හේතුවෙන් එම අවස්ථාව අහිමි වු බව මවුලවිවරයා කොමිසම හමුවේ සදහන් කළේය.

මෙරට තුළ ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදි සංවිධාන 09ක් තිබියදි හිටපු ජනාධිපතිවරයා විසින් ඉන් දෙකක් පමණක් තහනම් කිරීම හරහා අනෙක් කණ්ඩායම් 7ම වර්තමානයේදී ත් පැවතියාටත් වඩා හොඳින් ක්‍රියාත්මක වන බව මවුලවිවරයා සඳහන් කළේය.

තව්හීද්  ජමාත්, තබ්ලික් ජමාත්, සලෆි, ක්ෂුරා සභාව වැනි ඉස්ලාම් සංවිධාන හා කණ්ඩායම් වර්තමානයේදිත් අන්තවාදය ව්‍යාප්ත කිරීමේ නිරත වී සිටින බව මව්ලවිවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img