Thursday, September 24, 2026
HomeNEWSඅගමැතිතුමිය භූතානයට

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අගෝස්තු 31 වැනි සඳුදා දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් භූතානය වෙත පිටත්ව ගියා ය.

සැප්තැම්බර් 1 වැනි දින භුතානයේ පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වන අතර එහිදී අග්‍රාමාත්‍යතුමිය “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” (Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis) යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද නියමිතය.

මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යතුමිය ජාත්‍යන්තර නායකයින් සහ නියෝජිතයින් සමඟ සාකච්ඡාවලට එක්වෙමින් තිරසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රජා දායකත්වය සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවල නිරත වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img