Monday, September 21, 2026
HomeNEWSඅවසාන පන්දුවාරයේ ඩිල්ෂාන්ගේ කඩුලු ත්‍රිත්වයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

අවසාන පන්දුවාරයේ ඩිල්ෂාන්ගේ කඩුලු ත්‍රිත්වයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සිම්බාබ්වේ ‍ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ලකුණු හතක තියුණු ජයක් ලබා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමත් අද(29) වුණා. ලකුණු 299ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 291 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී කඩුලු හයක් දැවී ලකුණු 298ක් ලබා ගත්තා .මේ අනුව තරඟ 3කින් සමන්විත ඵක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංක කණ්ඩායම 1-0ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර හරාරේහිදී පැවැත්වෙන පළමු පන්දුවාර පනහ එක් දින ක්‍රිකට් තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර පනහ තුළදී කඩුලු හයක් දැවී ලකුණු 298ක් රැස් කරගෙන තිබෙනවා. පැතුම් නිශ්ශංක ලකුණු 76 ජනිත් ලියනගේ නොදැවී ලකුණු 79යි, කමිඳු මෙන්ඩිස් ලකුණු 57යි.දිල්ෂාන් මධුසංක අවසන් පන්දුවාරයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් අතර ඔහු ලකුණු 62ක් දී කඩුලු 4ක් බිදහෙළිමට සමත් වුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img