Wednesday, September 23, 2026
HomeNEWSආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා දිය යුතුව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ අද(19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ වාහන මිල ඉහළ යාම ඇතුළු අනෙකුත් තත්ත්වයන් සහ අනෙකුත් දේවල්වල මිල ඉහළ යාම ලෝක තත්ත්වය හමුවේ සිදුවී ඇති බවට මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන බවයි.නමුත් බලයට පත්වීමට පෙර පොරොන්දු ලබා දෙන විට ලෝක තත්ත්වයන් ගැන කිසිවක් නොකිවූ බවත් සියලුම දේවල් ඔවුන්ට හැකිය යනුවෙන් ප්‍රකාශ කළ බවත් ඒ අනුව මින් ඉදිරියේදී පොරොන්දු ලබා දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් වියහැකිය යනුවෙන්ද ආණ්ඩුව පොරොන්දු ලබා දිය යුතුව තිබෙන බවද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනුු ලැබුවා.තමන්ට ප්‍රායෝගිකව සිදුකිරීමට නොහැකි දේවල්වලට විශාල පොරොන්දු ලබා දෙමින් වර්තමාන ආණ්ඩුව ජනතාව මුලා කර ඇති බව මේ වන විට ජනතාව හොඳින්ම තේරුම් ගෙන ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.මැදපෙරදිග අර්බුදයට වඩා දස ගුණයක අර්බුදයක් කොවිඩ් ලෝක වසංගතය සහ ලෝක ආර්ථික අර්බුදය හමුවේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුවූ බවත් ඒ ගැනද වර්තමාන ආණ්ඩුව ඉතා හොඳින් සිහි තබාගෙන ක්‍රියා කළ යුතුව තිබෙන බවද සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා විසින් වැඩි දුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි 2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු...

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img