Monday, September 21, 2026
HomeNEWSඇමෙරිකාවේ බැංකුවකට මුවෙකු කඩා පනී

ඇමෙරිකාවේ බැංකුවකට මුවෙකු කඩා පනී

වසා තිබුණු බැංකුවක් තුළට මුවෙකු කඩා පැනීම හේතුවෙන් සිදුවූ කලබලයක් පිළිබඳව අමෙරිකාවේ නිව් යෝර්ක් නුවරින් තොරතුරු වාර්තා වේ.මුවාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසියට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබුණි.අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බැංකුවකට මුවෙකු ඇතුළු වී තිබුණේ පසුගිය බැංකු නිවාඩු දිනයකදීය.එම ගොඩනැගිල්ලේ බිම් මහලේ ජනේලයක් ඔස්සේ ඊට ඇතුළු වූ එම සත්ත්වයා ඒ තුළ සිරවී සිටි බව වාර්තා වේ.බැංකු ගොඩනැගිල්ල තුළ සත්ත්වයා කලබලයෙන් හැසිරෙන අයුරු කැමරාවල මෙලෙස සටහන් වී තිබුණි. වසා ඇති ගොඩනැගිල්ල තුළ ආගන්තුක හැසීරීමක් හඳුනාගැනීමත් සමඟ එම ස්ථානයේ ඇති හදිසි සංඥා නාදවී තිබුණිඒ් හේතුවෙන් පසුව එම ස්ථානයට පොලීසියද පැමිණ තිබුණි.එහිදී පොලීසිය අදාළ සත්ත්වයා නිරීක්ෂණය කිරීමෙන් පසුව සත්ත්වයා එම ස්ථානයෙන් පිටතට ගෙන නිදහස් කිරීමට කටයුතු කර තිබුණි.ඒ් සඳහා ඔවුන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව වාර්තා වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img