Tuesday, September 8, 2026
HomeNEWSඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා අද(11) පාකිස්ථානයේදී

ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා අද(11) පාකිස්ථානයේදී

මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී අද (11) ආරම්භවීමට නියමිතය.

මේ සඳහා අමෙරිකාව වෙනුවෙන් එරට උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු පිරිසක්ද, ඉරානය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාග්චි ඇතුළු පිරිසක්ද මේ වනවිට පාකිස්තානය වෙත පැමිණ සිටියි.

කෙසේ නමුත් සාකච්ඡා ආරම්භවීමට හෝරා කිහිපයකට පෙර ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් විසින් සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදේශ බැංකුවල ඇති ඉරාන රියාල් බිලියන ගණනක වත්කම් වහාම නිදහස් කරන ලෙසත්, ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාර නවත්වන ලෙසත් ඔහු පවසා ඇති බව වාර්තාවේ.

ඉරානයට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය ඉකුත් පෙබරවාරි 28වනදා ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කළේය.

එතැන් සිට දින 40ක් පුරා යුද ගැටුම් පැවති අතර, එයට තාවකාලික විරාමයක් ලබාදෙමින් පාකිස්තානයේ මැදිහත්වීමෙන් අප්‍රේල් 8 වනදා සිට සති දෙකක කාලයකට සටන් විරාමයක් මේ වනවිට අරඹා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img