Tuesday, September 22, 2026
HomeNEWSඉරානය සහ අමෙරිකාව අතර තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡාවක් හෙට (06)

ඉරානය සහ අමෙරිකාව අතර තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡාවක් හෙට (06)

ඉරානය සහ අමෙරිකාව අතර තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡාවක් හෙට (06) ඕමානයේදී පැවැත්වීමට නියමිතව තිබේ.කටාර් රාජ්‍යය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල මැදිහත් වීමෙන් සකස් කරන ලද විශේෂ රාමුවක් යටතේ මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.දෙරට අතර වසර ගණනාවක සිට පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදයට විසඳුම් සෙවීම මෙහි අරමුණ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇති බවට එහි සඳහන්.යුරේනියම් සාරවත් කිරීම සීමා කිරීම, බැලිස්ටික් මිසයිල පාලනය සහ කලාපයේ පවතින ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් වෙත ආයුධ සැපයීම සීමා කිරීම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනු ඇත.සාධාරණ සහ යුක්ති සහගත ලෙස මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යන ලෙස තමා විදේශ අමාත්‍යවරයාට උපදෙස් දුන් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img