Monday, September 21, 2026
HomeNEWSඋසස් පෙළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළ සිසුන්ට සුබ පණිවිඩයක්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා වූ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් අද (10) පස්වරුවේ නිකුත් කළේය.නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරි මස 12 වනදා සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇත. ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම්, තම පාසලේ විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු බවද එම නිවේදනයේ දැක්වේ.ඒ අනුව විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතුය.එසේම ආපදාවට ලක් වූ පෞද්ගලික අයදුම්කරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් පහත දුරකතන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් දැනුම්වත් කරන ලෙසත් එහි වැඩිදුරටත් සඳහන්.ක්ෂණික දුරකතන අංකය – 1911දුරකතන අංක – 0112784537, 0112786616, 0112784208ෆැක්ස් අංක – 0112784422විද්‍යුත් තැපෑල – gcealexam@gmail.comසංශෝධිත විභාග කාලසටහන පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img