Tuesday, September 22, 2026
HomeNEWSඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල්හෙට දිවයිනට.. ජනපති, අගමැති, විදේශ ඇමති සමග ඉහළ පෙළේ සාකච්ඡා

ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල්හෙට දිවයිනට.. ජනපති, අගමැති, විදේශ ඇමති සමග ඉහළ පෙළේ සාකච්ඡා

*ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් හෙට ලංකාවට.* *ජනපති, අගමැති සහ විදේශ ඇමති සමඟ ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතයි.*ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් සිව් දින නිල සංචාරයක් සඳහා හෙට (06) පස්වරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණීමට නියමිතයි. සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් පිළිගනු ලැබේ.අමාත්‍ය විජිත හේරත් සහ ආණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් අතර නිළ හමුවක් පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා මෙම සංචාරය අතරතුර පැවැත්වීමට සැලසුම් කර ඇත.සමන්තා ජෝයි මොස්ටින්ගේ මෙම සිදුවන්නේ ඔස්ටේලියාවේ නව රජය පිහිටුවීමෙන් පසු එරට නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයා වන Richard Marles ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමෙන් සහ එරට විදේශ අමාත්‍ය Penny Wong සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් මැලේසියාවේ දී සිදු වූ පසුබිමක යසමන්තා ජෝයි මොස්ටින් 06 සිට 10 වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත් නියමිත ය. එහිදී බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඔස්ට්‍රේලියාව විසින් සහය දක්වන ව්‍යාපෘති කිහිපයක් ද ආණ්ඩුකාරවරිය නිරීක්ෂණය කරනු ඇත.සමන්තා ජෝයි මොස්ටින්ගේ පැමිණීම ශ්‍රී ලංකාවට වැදගත් සංචාරයක් වන අතර මෙම සංචාරයේ දී ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සොයා බැලීම අරමුණු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img