Thursday, September 10, 2026
HomeNEWSටියුෂන් දෙන්නම් කියූ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගෙ ආසනයෙත් අදත් වෙඩි තැබීමක් - විපක්ෂ...

ටියුෂන් දෙන්නම් කියූ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගෙ ආසනයෙත් අදත් වෙඩි තැබීමක් – විපක්ෂ නායක සජිත්

*ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගෙ ආසනයෙත් අදත් වෙඩි තැබීමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*දිනෙන් දින රට පුරා මිනිමරු සංස්කෘතිය ව්‍යාප්ත වන බවත් අදත් රටේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ මැතිවරණ කොට්ඨාසය වන හෝමගම මීගොඩ ප්‍රදේශයේ දී හිටපු පළාත් පලන මන්ත්‍රීවරයකු ඝාතනය කර ඇති බවත් මේ මිනිමරු සංස්කෘතිය නවත්වන්න රජයට නොහැකි වී ඇති බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න පුටුවක් සහ බංකුවක් ගේන්න කියු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ බල ප්‍රදේශයේදී මේ ඝාතන සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.පාතාල කල්ලි මැර කල්ලි මිනිමරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලි උණ්ඩය බෝම්බය බයිනේත්තුව කඩුව හරහා ජන සමාජය ග්‍රහණයට ගෙන ඇති බවත් මේ ගැටලුවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට විසදුම් නැද්ද කියා ප්‍රශ්න කරණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මේ මිනිමැරුම් ජාතික ආරක්ෂක ගැටලුවක් නැති බවට ආණ්ඩව කිව්වත් රටේ ජනතාව මිය යනවා නං එය ජාතික ආරක්ෂක ගැටලුවක් බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකීම වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජන ජීවිත සුරක්ෂිත කිරීම බවත් එය රට වෙනුවෙන් කරන යුතුකමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.https://youtu.be/m4mrJt3QnZQ?si=o-KqKptLSOZTjaqk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img