Tuesday, September 22, 2026
HomeNEWSතායිලන්තය හා කාම්බෝජය දේශසීමා අතර ඉතා උණුසුම්කාරී තත්ත්වයක්

තායිලන්තය හා කාම්බෝජය දේශසීමා අතර ඉතා උණුසුම්කාරී තත්ත්වයක්

කාම්බෝජයට මායිම්ව ඇති ප්‍රදේශවලට යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට තායිලන්තය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.එරට දේශසීමා ආරක්ෂක අණදෙන නිලධාරීවරයා පවසා ඇත්තේ කාම්බෝජයට මායිම්ව ඇති තායිලන්තයේ දිස්ත්‍රික්ක 8කට මෙලෙස යුද නීතිය ප්‍රකාශයට පත් කර ඇති බවය.මේ අතර තායිලන්තයේ වැඩබලන අගමැති ෆුම්තම් චෙචයාචායි අනතුරු අඟවා ඇත්තේ කාම්බෝජය සමග දේශසීමා ගැටුම් හේතුවෙන් මේ වන විට බොහෝ පිරිසක් මියගොස් ඇති බවත් එය යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවත්ය.දීර්ඝ කාලයක් පුරාවට පැවැති දේශසීමා ආරවුලක් හේතුවෙන් ඊයේ දිනයේ ජෙට් යානා, කාලතුවක්කු, ටැංකි සහ ගොඩබිම් භටයින් සමග දැඩි සටනක් දක්වා වර්ධනය වී ඇති අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද මෙම ගැටුම් සම්බන්ධව හදිසි සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබුණි.එම වාතාවරණය මධ්‍යයේ අද (25) සවස සිට තායිලන්ත හමුදා දේශසීමා අණදෙන නිලධාරිවරයෙකු විසින් කාම්බෝජය සමග මායිමේ පිහිටි දිස්ත්‍රික්ක 08ක් සඳහා මෙලෙස යුද නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.මේ අතර තායිලන්තය සිය දේශසීමා ප්‍රදේශවලින් 138,000කට අධික පිරිසක් ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.එමෙන්ම තායිලන්තයේ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශය කාම්බෝජ දේශසීමාවේ ආරක්ෂිත ප්‍රදේශ 06ක් වසා දැමීමටද නියෝග කර ඇති අතර ඒ අනුව එම ප්‍රදේශයේ ඇති ජාතික වනෝද්‍යාන 06ක්ද වසා දැමීමට තායිලන්තය පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img