Tuesday, September 22, 2026
HomeNEWSපලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට බ්‍රිතාන්‍ය සූදානම් වෙයි

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට බ්‍රිතාන්‍ය සූදානම් වෙයි

ගාසා තීරයේ භයානක තත්ත්වය අවසන් කිරීමට ඊශ්‍රායලය සැලකිය යුතු පියවර නොගන්නේ නම් සැප්තැම්බර් මාසයේදී පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පවසා තිබේ.සටන් විරාමයකට එකඟ වීම, ද්වි-රාජ්‍ය විසඳුමක් ලබාදෙන දිගුකාලීන තිරසාර සාමයකට කැපවීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආධාර සැපයීම නැවත ආරම්භ කිරීමට ඉඩ දීම ඇතුළු අනෙකුත් කොන්දේසි ද ඊශ්‍රායලය සපුරාලිය යුතු බවට ඔහු පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.නැතහොත් සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී එක්සත් රාජධානියට එම පියවර ගැනීමට සිදුවන බව ඔහු දන්වා තිබේ.ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ මෙම පියවර හමාස් හි බිහිසුණු ත්‍රස්තවාදයට ආධාර අනුබල දීමක් බවයි.පලස්තීන රාජ්‍යයක් නිල වශයෙන් පිළිගැනීමට සූදානම් බව ප්‍රංශය ද පසුගියදා නිවේදනය කළේය.මේ අතර හමාස් සංවිධානය වහාම සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවට සහ සටන් විරාමයකට අත්සන් කළ යුතු බව බ්‍රිතානය අග්‍රාමාතවරයා පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ වර්තමානයේ ඊශ්‍රායලයට තර්ජනයක්ව ඇති ජිහාඩ් දේශය අනාගතයේදී බ්‍රිත්‍යයට ද තර්ජනයක් වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img