Tuesday, September 22, 2026
HomeNEWSපසුගිය මාස හය තුළ සංචාරකයින්ගේ පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදයමක්- ඇමති විජිත...

පසුගිය මාස හය තුළ සංචාරකයින්ගේ පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදයමක්- ඇමති විජිත නුවරඑළියේදී කියයි

අද පෙරවරුවේ නුවරඑළිය සීතා අම්මන් කෝවිලේ අශෝක වනයේ අනුශ්‍රී භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහභාගි විය. එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය රජයට ස්තුතිය පළ කළ අතර විශේෂයෙන් සංචාරකයන් පැමිණීමෙන් පසුගිය මාස හයක කාලයක් තුළ සංචාරකයන්ගේ පැමිණීම තුළින් ඩොලර් බිලියන තුනයි දශම හතක ආදයමක් ඉපයූ බවත් මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ ද තවත් ඩොලර් බිලියන තුනයි දශම හතක ආදයමක ඉලක්කයක් අපේක්‍ෂා කරන බවත් පැවසූහ. මීට අමතරව කෝවිලේ ආගමික සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා තවත් අක්කරයක ඉඩමක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img