Friday, September 11, 2026
HomeNEWSමානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක...

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ජපානයේ විවිධ විශ්වවිද්‍යාලවල සහය ඇතිව රාජ්‍ය අංශයේ තරුණ පරිපාලන නිලධාරීන් පුහුණු කිරීම සහ ඔවුන් තම අදාළ ක්ෂේත්‍රයන්හි අනාගත ජාතික නායකයින් වීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කිරීමයි.

මෙම ව්‍යාපෘතිය යටතේ 2027 වසරේදී ආරම්භ වන වසර 2ක ශාස්ත්‍රපති උපාධි වැඩසටහන් හැදෑරීම සඳහා රාජ්‍ය අංශයේ නිලධාරීන් 15 දෙනෙකු යවනු ලැබේ.

ඔවුන්ගේ පර්යේෂණයන් රාජ්‍ය ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතා සහ ජාත්‍යන්තර සංවර්ධනය, සාර්ව ආර්ථික විද්‍යාව, රාජ්‍ය මූල්‍ය සහ ආයෝජන කළමනාකරණය යනාදී ක්ෂේත්‍රයන්හි සිට කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති සහ ආයෝජන ප්‍රවර්ධනය දක්වා වූ ක්ෂේත්‍ර රැසක් ආවරණය වේ.

අගෝස්තු 17 වන දින, ජපන් තානාපති රු අකිඔ ඉගසෝමත මහතා සහ භාණ්ඩාගාර සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් මෙම ආධාර ප්‍රදානයට අදාළ හුවමාරු සටහන් කොළඹදී අත්සන් කරන ලදී.

2010 වසරේ ආරම්භ කළ දින සිට, JDS ව්‍යාපෘතිය මේ දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ නිලධාරීන් 254 දෙනෙකුට පුහුණුව ලබා දී ඇත.

මෙම ව්‍යාපෘතිය තනි පුද්ගල ධාරිතාවන් වැඩිදියුණු කිරීමට පමණක් නොව, රාජ්‍ය අංශයේ ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීමට ද දායක වන අතර එමඟින් ශ්‍රී ලංකාවේ යහපත් සහ තිරසාර සංවර්ධනයට සහාය වනු ඇත.

මෙම JDS ශිෂ්‍යත්වලාභීන් ජපානයේදී සිදුකරනු ලබන අධ්‍යයන හා සමාජීය ක්‍රියාකාරකම් තුළින් ගොඩනඟා ගන්නා මානව ජාලය, දෙරට අතර මිත්‍රත්වයේ පාලමක් ලෙස යොදා ගනිමින් ජපානය සමඟ වන ද්විපාර්ශ්වික සබඳතාවල පදනම තවදුරටත් ශක්තිමත් කිරීමට ඉදිරියේදී දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද දින හුවමාරු සටහන් අත්සන් කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය සඳහා ජපාන රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරන අතර, මෙම ව්‍යාපෘතිය දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාවයට මහත් ශක්තියක් සහ සහයෝගයක් ලබා දෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img