Friday, September 11, 2026
HomeNEWSමාලිමා මන්ත්‍රී අසිතට දිනන දකුණෙනුත් අභියෝගයක්

මාලිමා මන්ත්‍රී අසිතට දිනන දකුණෙනුත් අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභියෝගය හැකිනම් භාරගෙන පෙන්වන්න.

පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහා
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාට එරෙහිව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ ද්වේෂසහගත එකක් බව දිනන දකුණ සාමූහිකයේ විශ්වාසයයි.

මෙවැනි ප්‍රකාශ සිදු කිරීම පිළිබඳව අප සාමූහිකය දැඩි කනස්සල්ල පළ කර සිටින්නෙමු.

මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු වරප්‍රසාද ආවරණයෙන් මිදී, එකී ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටතදී නැවත සිදු කරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිදුකර ඇති අභියෝගය භාරගෙන සිය දේශපාලන සදාචාරය ප්‍රදර්ශනය කරන ලෙස අප සාමූහිකය මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.

මෙරට නීතිඥ ප්‍රජාවට,නීති ක්ෂේත්‍රයේ ස්වාධීනත්වයට සහ ගෞරවයට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ එක්ව කටයුතු කිරීමට අප සාමූහිකය සූදානම් බව දැනුම් දීමට කැමැත්තෙමු.

කුමන ආණ්ඩුවක් බලයේ සිටියද ප්‍රජාතන්ත්‍රවාදයට, අධිකරණයේ ස්වාධීනත්වයට සහ විරෝධතා දැක්වීමේ අයිතිය ඇතුළු ජනතාවගේ මානව හිමිකම්වලට එල්ල වන ඕනෑම තර්ජනයකට එරෙහිව නීතිඥ සංගමය බියෙන් හෝ සැකෙන් තොරව පෙනී සිට ඇති බව අපගේ හැඟීමයි.

තුෂාර වීරරත්න
මාධ්‍ය ප්‍රකාශක
දිනන දකුණ සාමූහිකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img