Friday, September 11, 2026
HomeNEWSරනිල්, සජිත් වජිර, රාජිත, ලක්ෂ්මන්,තලතා, මනෝ එකට හමුවක්

රනිල්, සජිත් වජිර, රාජිත, ලක්ෂ්මන්,තලතා, මනෝ එකට හමුවක්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ වීම සම්බන්ධයෙන් මේ වන විට සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙමින් තිබෙන අතරතුර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් සිදුවී තිබීම විශේෂත්වයකි.හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ(01) රාත්‍රී සිදුවුණා.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී සමන් රත්නප්‍රියගේ පුතාගේ විවාහ මංගල උත්සවයේදී මේ දෙදෙනා මුණගැසුණේ පිළියන්දල ප්‍රදේශයේ හෝටලයකදී.මෙම උත්සවයට හිටපු ජනාධිපතිවරයාට මෙන්ම විපක්ෂ නායකවරයාටත් ආරාධනා කර තිබුණා. ඔවුන් දෙදෙනාටම අසුන් පනවා තිබුණේ එකම මේසයකය. රනිල් වික්‍රමසිංහ සිටි මේසයට යාමට පෙර සජිත් ප්‍රේමදාස මනුෂ නානායක්කාර, සාගල රත්නායක ඇතුළු හිටපු මැති ඇමැතිවරුන් පිරිසක් සිටි මේසයට ගොස් අසුන් ගත්තා. එය දුටු රනිල් වික්‍රමසිංහ තමන් සිටි අසුනෙන් නැගිට සජිත් සහ හිටපු මැති ඇමැතිවරු අසුන්ගෙන සිටි මේසයට පැමිණියා.“ඔයාගේ යාළුවෝ ටිකත් එක්ක කතා කරලා ඉවර වෙලා අර මේසයට එන්න” රනිල් සජිත් අසලටම පැමිණ විහිළුවකුත් කළා.“ඔයා හමුවෙන්න බලාගෙන ඉන්න කෙනා අතනට වෙලා ඉන්නවානේ. ඉක්මනට එතැනට යන්න”මනුෂත් සිනාසෙමින් සජිත්ට කිව්වා.ටික වේලාවක් හිටපු මැති ඇමැතිවරුන් සමඟ කතා කරමින් සිටි සජිත් රනිල් අසලට ගියා.එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන,හිටපු ඇමති දොස්තර රාජිත සේනාරත්න,මනෝ ගනේෂන්, දිගම්බරන්, චාමර සම්පත් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එම මේසයේ සිටියා.මේ අතර ලක්ෂ්මන් ෆොන්සේකා තලතා අතුකෝරළත් එතැනට කැදවාගෙන ආවා.“මේ හැංගි හැංගි ඉදලා හරියන්නේ නෑ. මෙතැනට එන්න”යැයි කියූ ලක්ෂ්මන් ෆොන්සේකා තලතා කැදවාගෙන ගොස් සජිත් අසලම පුටුවේ අසුන් ගැන්වූවා.පැයකට ආසන්න වේලාවක් රනිල් හා සජිත් මෙම මේසයේ සාකච්ඡා කරමින් සිටි අතර අනෙකුත් පිරිසද වර්තමාන දේශපාල තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද යම් යම් කාරණා මතු කරමින් මෙම සාකච්ඡාවට එක්වුණා.පක්ෂ දෙක සමගි වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන සාකච්ඡාවලට අමතරව වර්තමානයේ දේශපාලන වශයෙන් ඇති වී තිබෙන තත්ත්වයන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙන බව වාර්තාවෙනවා. විශේෂයෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ , පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම් කිරීම,ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලුව, පළාත් සභා ඡන්දය දිගින් දිගටම කල් දැමීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තාවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img