Tuesday, September 22, 2026
HomeNEWSලෝක තෙල් සැපයුමෙන් 1/5ක් අඩපණ කරමින් හෝමුස් වසා දැමීමට ඉරානයෙන් දැඩි තීරණයක්

ලෝක තෙල් සැපයුමෙන් 1/5ක් අඩපණ කරමින් හෝමුස් වසා දැමීමට ඉරානයෙන් දැඩි තීරණයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර ඇති අතර, ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහරදෙන බවට ද අනතුරු අඟවා තිබේ.ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසුව ඉරානය විසින් මෙම දැඩි තීරණයට පිවිස ඇත.ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්කවලට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර දිගටම සිදුකරමින් පවතින අතරතුර මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ලෝකයේ දිනකට පරිභෝජනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් 20%ක් පමණ ගමන් කරන්නේ මෙම සන්ධිය හරහාය. මෙය වසා දැමීම යනු ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් එකවර නතර වීම බවද වාර්තා වේ. එමෙන්ම මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් ඉහළ යාම, ගෝලීය උද්ධමනය ඉහළ ගොස් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම, යුරෝපයේ සහ ආසියාවේ ප්‍රධාන කර්මාන්ත ශාලා අඩපණ වීම ආදිය සිදුවිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක ප්‍රකාශ කරයි

22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන අතර, එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බව, ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වයි.

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img